Jun 15, 2012

උපාලි සහ ගාමිණි ලන්ඩන් යාමට සුදුසුකම් ලබයි


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137ea1023215b8b5&attid=0.1&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1339730144781&sads=MLOMCBJTKW4_HbqbBTumzypfle8සුගියදා කොරියාවේ පැවති රෝද පුටු කණ්ඩායම් ටෙනිස් තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක් වූ උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ලන්ඩන් හී පැවත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය අවධාරණය කරයි.කොරියාවේ පැවති තරගාවලියේදී දැක් වූ දස්කම් මත ජගත් ශ්‍රේණිගත කිරීම්වල 69 වන ස්ථානයේ සිට 56 දක්වා ඉහළ පැමිණි උපාලි මෙන්ම 76 වන ස්ථානයේ සිට 70 දක්වා ඉහළ පැමිණි ගාමිණි ට ද පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට හැකිවෙනු ඇති බවට ඔවුන් දෙදෙනාගේ පුහුණුකරු වන ජගත වැලිකල විශ්වාසය පළ කරයි.
https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=137ea1023215b8b5&attid=0.2&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1339730185620&sads=Mo2ZayHe7Lq7589dVYDWxRm1Yow2008 බීජීං ඔලිම්පික් උළෙලේදී ද උපාලි සිය ප්‍රථම වටයේ තරගය ජය ගත්ත ද,දෙවන වටයේදී  එම තරගාවලියේ රන් පදක්කම දිනූ ක්‍රීඩකයා ඉදිරියේ පරාජය ලැබීය.නමුත් මෙවර වඩා හොද යහපත් තත්ත්වයකින් සිටින උපාලි සහ ගාමිණි  ‍දකුණු කොරියාවේ පැවති කණ්ඩායම් තරගවල දී ඉහළ දස්කම් පෙන්වමින් කේවල සහ යුගල තරග ජය ගත් අතර ඔවුන් ශ්‍රී ලංකාවට තෙවන තැන දිනා දීමට ද සමත් විය.ඒ නිසා මෙවර පැරා ඔලිම්පික් තරගාවලියේ දී මොවුන් සහභාගි වන කේවල තරගවල දී මෙන්ම යුගල තරගවලදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දෙදෙනා විශේෂ යමක් කිරීමට ඉඩ ඇති බව ටෙනිස් සම්මේලනයේ අදහස වී ඇත.           www.supirikrida.com

No comments: