Jun 16, 2012

තෙවන වෙරළ ක්‍රීඩා උ‍ළෙල අද ඇරඹේ

චීනයේ හායියැන්ග් හී දී අද ආසියානු තෙවන ක්‍රීඩා උළෙල ඇරඹිමට නියමිතව ඇත.තරග උළෙලට ක්‍රීඩා ඉසව් 13 ක් පැවත්වෙන අතර ශ්‍රී ලංකාව ඉන් ඉසව් 4 ක් සදහා මුහුණ දීමට නියමිතය.වෙරළ කබඩි,වෙරළ වොලිබෝල්,වෙරළ අත්පන්දු සහ දියමත පාවීම එම ඉසව් වේ.
හ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩක කණ්ඩායම 32 ක් වන අතර කණ්ඩායම් ප්‍රධානී කපිල ජීවන්ත ද සමග නිලධාරීන් 10 දෙනෙකු ද මෙම කණ්ඩායමට එක් වී සිටිති.ශ්‍රී ලංකාව සහභාගි වන වෙරළ වොලිබෝල් තරග සහ වෙරළ අත් පන්දු තරග අද ආරම්භක දිනයේදී ම ක්‍රියාවට නැගෙන අතර දියමත පාවීම සහ වෙරළ කබඩි ඉසව් හෙට ආරම්භ වීමට නියමිතය.
අප වෙබ් අඩවියේ තෙවන ‍ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවියට ප්‍රවේශ මාර්ගයක් සකසා ඇති අතර ඒ හරහා තරගාවලියේ උණුසුම් තතු විත්ති දැන ගැනීමේ හැකියාව ඔබට ඇත.
www.supirikrida.com 

No comments: