Jun 15, 2012

දුලාජ් ට විතරක් නෙමෙයි,අපි පවිත්රාටට සහ නදීශානිටත් සළකනවා - ප්‍රසන්න රණතුංග


http://www.sundayobserver.lk/2011/01/23/z_p04-UPFA.jpgසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 400 පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ දුලාජ් මධුෂංක ට බස්නාහිර පළාත් සභාවෙන් නිවසක් සහ රුපියල් ලක්ෂ පහක් පිරිනැමීමට ගත් තීරණය ඔහු බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු නිසා ගත් තීරණයක් බවත්,මේ වන විට බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් ඔහු පැමිණි වහාම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර අනෙක් පදක්කම්ලාභීන් දෙදෙනා වන පවිත්‍රා හංසනී ට සහ නදීහානී හෙන්ඩර්සන්ටත් මූල්‍යමය අනුග්‍රහයක් ලබා දීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සුපිරික්‍රීඩා වෙත පැවසීය.
දුලාජ් මීටර් 400 ඉසව්ව ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට අමතරව ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවශ්‍යය පරිසාධන මට්ටම සැපිරීය.පවිත්‍රා සහ නදීශානී මීටර් 400 කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා දෙන්නට දායක වූ අතර ඔවුන්ගේ දක්ෂතාවය ද ඇතැම් විට ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ සහය දිවීමේ තරගයට තෝරා ගැනෙන අවසාන කණ්ඩායම් 16 අතරට තේරීම සදහා ප්‍රමාණවත් වීමට ඉඩ ඇත.

No comments: