Jun 14, 2012

පකිස්තානය සහ ශ්‍රී ලංකාව වැස්සට පරදියි


ර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණු පකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු වූයේ තීරණයක් නොමැතිවය.කාසියේ වාසිය ලබා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්තානය පන්දු ඕවර් 6.2 ක් තුළ ලකුණු 12 ට කඩුලු 2 ක් අහිමි කර ගෙන අසීරු අඩියක සිටි මොහොතේ කඩා හැලුණු දැඩි වර්ෂාව යළි තරගය ආරම්භ කරන්නට ඉඩක් නොතැබීය.
The covers come on at the R Premadasa Stadiumශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් වූ ලසිත් මාලිංග මෙන්ම නුවන් කුලසේකර ද හොද ආරම්භයක් ලබා ගත් අතර තරගය නවතන විට මාලිංග ලකුණු 9 ට එක කඩුල්ලක් ලබා සිටි අතර නුවන් කුලසේකර දැඩි පීඩනයක් එල්ල කරමින් සිය පන්දු ඕවර් 3 ලකුණු 3 ට සීමා කරමින් එක් කඩුල්ලක් දවා ගෙන සිටියේය.තරගාවලියේ සිව්වන එක් දින තරගය 16 දා ආර් ප්‍රේමදාස පිටියේදී පැවත්වීමට නියමිතය.
 

No comments: