නේපාලයේ පැවති දකුණු
ආසියාතික පිරිමි සහ කාන්තා බර ඉසිලීමේ සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හතක් හිමි විය.එක් බර
පංතියකට ස්නැච්,ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ මුලු බර ලෙස අංශ තුනකින් පදක්කම් පිරිනැමුණු
මෙම තරගාවලියේදී පිරිමි අංශයෙන් රන් පදක්කම් හතරක්ද කාන්තා අංශයෙන් රන් පදක්කම්
තුනක් ද ලෙස මෙසේ පදක්කම් පිරිනැමිණ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි වූ රිදී
පදක්කම් ප්‍රමාණය 11ක් වන අතර ලෝකඩ පදක්ක්ම් 05 ක් හිමි විය.
සීසීඑස්පී විජේසූරිය කිග්‍රෑ
56 බර පංතියේදී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ සහ මුලු බර එසවීම වෙනුවෙන් රන් පදක්කම
ද ස්නැච් ක්‍රමයෙන් රිදී පදක්කමද දිනා ගත්තේය.එහි දී විජේසූරිය රන් පදක්කම් දිනා
ගත් දෙඅංශයේ රිදී පදක්කම සහ රිදී පදක්කම දිනා ගත් අංශයේ රන් පදක්කම ඩබ්ජීකේ බණ්ඩාර
ට හිමි විය.එස් ලියනාරච්චි කිග්‍රෑ 62 බර පංතියේ ස්නැච් ක්‍රමයේ රන් පදක්කම සහ
ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ මුලු බර අංශයේ රිදී පදක්කම් ද දිනා ගත්තේය.
සීටීජේඑන් පෙරේරා කිග්‍රඋ 85
බර පංතියේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ රිදී පදක්කම්ලාභියා විය.ආර්එම්ආර්ආර්
සමරසේකර කිග්‍රෑ 94 බර පංතියේ ස්නැච් ක්‍රමය යටතේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර සෙසු
අංශ දෙකෙන් රිදී පදක්කම් දිනා ගත්තේය.
කාන්තා අංශයේ දී කිග්‍රෑ 75
බර පංතියෙන් රන් පදක්කම් ත්‍රිත්වයම දිනා ගැනීමට සමත් වූ අතර කිග්‍රෑ 48 බර පංතියේ
රිදී පදක්කම් ත්‍රිත්වයම ඩීඩීඩී අබේසේකර විසින් දිනා ගත්තේය.කිග්‍රෑ 56 බර පංතියේ
ස්නැච් ක්‍රමයේ ලෝකඩ පදක්කම සීඑම් වඩුමේස්ත්‍රිගේ දිනා ගත්තාය.කිග්‍රෑ 58 බර
පංතියේ දී ආර්එම්එන්එස් රාජපක්ෂ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයටම හිමිකම් කීවාය.
No comments:
Post a Comment