පකිස්තානයේ ලාහෝරයේ ක්‍රියාත්මක වන බටහිර දකුණු ආසියාතික
පේස්බෝල් කුසලාන සූරතාවලියේ තෙවන දිනය වන අද ශ්‍රී ලංකාව සිය මංගල තරගයට ඉදිරිපත්
වීමට නියමිතය.ඒ ඉරානයට එරෙහිවය.කොරියානු ජාතික කිම් සුන්ග් යටතේ ලද පුහුණුව සහිතව
සිටින ශ්‍රී ලංකාව මෙම තරගාවලිය පිළිබදව වෙනදාට වඩා යහපත් බලාපොරොත්තු සමග තරග
වදින අතර අද ශ්‍රී ලංකාවට මුහුණ දෙන ඉරානය තරගාවලිය අරඹමින් පැවති මංගල තරගයේදී
පකිස්තානය අතින ලකුණු 11 – 0 ට පරාජය විය.
තරගයේ දෙවන දිනයේදී පකිස්තානය ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග
වැදි අතර එහිදී පකිස්තානය ලකුණු 18 – 0 ක් ලෙස ඇෆ්ගනිස්තානය පරාජයට පත් කළේය.
No comments:
Post a Comment