ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පිළීබදව නැවතත් ජාත්‍යන්තර
අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වනවිට තරගයේ
දැවී ගිය මුළු කඩුලු සංඛ්‍යාව 25 ක් වී තිබුණා.පිතිකරුවන්ට අහිතකර තණතීරුවක් බවට
මීට පෙරත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට ලක් වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය,මේ
නිසා ඉදිරියට අන්තර් ජාතික තරග වලින් වියුක්ත කළාපයක් වීමට ද ඉඩ ඇති බව ශ්‍රී ලංකා
ක්‍රිකට්ආයතනය සිතිය යුතු වෙනවා.
පළමුව පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම,මහේල
ජයවර්ධන සරණ යමින් ඉතා අසීරු ඉණිමක් ක්‍රීඩා කරමින් සිය ලකුණු පූවරුව ලකුණු 318
දක්වා ගෙන ආවා.මහේල ඉතා අගනා ලකුණු 180 ක් රැස් කළා.පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්ත
කණ්ඩායමට තරගයේ දෙවන දිනය වන විටම දග පන්දුවට හුරුව තිබූ ගාල්ල තණතිල්ලෙන් ලකුණු
ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් වූ අතර රංගන හේරත් ප්‍රමුඛව සිදු කළ කඩුලු දඩයම
නිමාවට පත් වුණේ එංගලන්ත ඉණිම ලකුණු 193 ක ට සීමා කරමින්.රංගන ලකුණු 74 ට කඩුලු 6 ක් දවා ගත් අතර සුරාජ්
රන්දිව් ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත්තා.
ලකුණු 125 ක වාසියක් සමග දෙවන ඉණිමට පිටියට පිවිසි ශ්‍රී
ලංකා ක්‍රීඩකයන්ට ද ගාලු තණතිල්ලේ විස්මිත දග කැවීමෙන් බේරෙන්නට අවස්ථාව නොලැබුණු
අතර ප්‍රතිපලය වූයේ ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 84 ක් සහ
කඩුලු 5 ක් බවට පත් වීමයි.ග්‍රෙහැම් ස්වෝන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු
28 ක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තා.
තරගයේ තෙවන දිනය අද ආරම්භ වන අතර මේ දක්වා තරගය ගලා ආ
ආකාරයට පස්දින ටෙස්ට් තරගයේ අවසාන දිනය අද වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.අද නිමා
නොවුණ ද කඩුලු දැවී යන ආකාරයට මේ තරගය නිසැක වශයෙන්ම ජය හෝ
පරාජය විසදෙන තරගයක් වීමට ඉඩ කිබෙනවා
පහත දැක්වෙන්නේ තරගයේ මේ දක්වා වූ ලකුණු සටහනට පිවිසෙන
මගයි. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521225.html
No comments:
Post a Comment