මේ දිනවල මොංගෝලියාවේ
උටන්බාර් හී ක්‍රියාත්මක වන හයවන ආසියාතික කාන්තා බොක්සිං තරගාවලියේදී ශ්‍රි
ලංකාවේ ශිරෝමාලි වීරරත්න රන් පදක්කම් සටන
පිළිබදව තබා තිබූ බලාපොරොත්තු බොද කළ ඉන්දියාවේ මොනිකා සවුන් අවසන් පූර්ව තරගය ශිරෝමාලී ට එරෙහිව ලකුණු 23 –
9 ක් ලෙස ජය ගන්නට සමත් වූවා ය.ඒ අනුව මේ තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවන් හය
දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හය දෙනා අතරින් එකම පදක්කම්ලාභිණිය වූ
ශිරෝමාලී කිග්‍රෑ 69 බර පංතියේදී ලෝකඩ පදක්කමකට හිමිකම් කීම ශ්‍රී ලංකාව ලැබූ අති
විශිෂ්ඨ ජයකි.
තරගාවලියේ ප්‍රතිපල
අනුවඉන්දියානු ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ චීණ ක්‍රිඩිකාවන් හත් දෙනෙකු අවසන් තරග
වලට පිවිස ඇති අතර ඒ අතරින් ඉන්දීය තේරීම වඩාත් වටිනා එකක් වන්නේ කාන්තා ඔලිම්පික්
බර පංති තුනෙන්ම ඉන්දීය ක්‍රීඩිකාවන් අවසන් තරග සදහා සුදුසුකම් ලැබීමය.චීනයේ
ඔලිම්පික් බර පංති දෙකකින් පමණක් ක්‍රීඩිකාවන් අවසන් තරග සදහා තේරී ඇත.
No comments:
Post a Comment