Mar 25, 2012

නිලූක ට විසි වැන්නා හරස් වෙයි

පැබ්ලෝ ඒබියන්
ජගත් ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානයේ රැදෙන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21 /17 සහ 21 /12 ක් ලෙස පරාජය වූ නිලූක කරුණාරත්නට යොනෙක්ස් පෝලන්ත විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු අත හැර ගන්නට සිදුවිය.විනාඩි 36 ක් පුරා පැවති නිලූක සහ පැබ්ලෝ අතර තරගයෙන් නිලූක පරාජය වුව ද නිලූක ගේ ජාත්‍යන්තර තරග ජීවිතය ආරම්භ කරන අවධියේ පැබ්ලෝ යනු නිලූක ඉදිරියේ පරාජය වී ඇති ක්‍රීඩකයෙකි.නමුත් නිලූකගේ ක්‍රීඩක ජීවිතය නිවැරදිව නඩත්තු නොවීම හේතු කර‍ගෙන ඔහුට ජාත්‍යන්තර පිටියේ පැබ්ලෝට ලද අවස්ථාවන් හා සසදද්දී හිමි වී ඇත්තේ ඉතා අඩු අවස්ථාවන් ප්‍රමාණයකි.
කෙසේ හෝ නිලූක මේ තරගාවලියේ අවසන් අට දෙනාට පැමිණීම නිසා ලබා ගන්නා ලකුණු ද සමග ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම්වල තවත් ඉදිරියට ඒමට ඉඩ ඇති අතර ඇතැම් විට එය මුල් 50 දෙනා ටත් වඩා ඉහළ ස්ථානයක් විය හැකිය. 

No comments: