ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මලල ක්‍රීඩා නිලවරණයට
පිවිසීම වළකාලීම සදහා තමාට එරෙහිව ගොනු කර තිබෙන කාරණා සියයට 99 ක් ම බොරු බව ප්‍රකාශ
කළ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඊට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට හැකියාව ඇතත් රට
සහ ක්‍රීඩාව පිළිබද සිතා එසේ නොකිරීමට තීරණය කළ බව ඊයේ සිය සමුගැනීම ප්‍රකාශයට පත්
කිරීමට මාධ්‍යවේදීන් පිරිසක් කැදවා කොළඹ දී පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුවක දී ප්‍රකාශ
කර ඇත.
මේ කරුණු ගැන සාකච්ඡා කිරීමේ දී ඊට එරෙහිව කටයුතු
කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව දැන ගන්නට ලැබුණ ද,එසේ කටයුතු කර අතුරු තහනම්
නියෝගයක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා
තරගාවලියට බාධා එල්ල විය හැකි නිසා රටත් ක්‍රීඩාවත් ගැන සිතා නීතිය හමුවට නොගිය බව
පැහැදිළි කළ ජෙනරාල්වරයා,මේ තීරණය යම්කිසි ආකාරයකින් ක්‍රීඩා ඇමතිවරයා නොමග යැවීම
නිසා ගත් තීරණයක් බව ද ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා තමාගේ හොදම මිතුරෙකු බව ප්‍රකාශ
කළ ජෙනරාල්වරයා ඉදිරියටත් මලල ක්‍රීඩාව වෙනුවෙන් නිලතල නැති වුව ද සේවය කිරීමට
නොපැකිළිව ඉදිරිපත් වන බව පෙන්වා දුන්නේයwww.supirikrida.com

No comments:
Post a Comment