ශ්‍රී ලංකා - ඉරාන තරගයේ අවස්ථාවක්
පකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක බටහිර දකුණු
ආසියාතික බේස්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙකම පහසුවෙන් ජය
ගන්නට සමත් වුණා.මේ වන විට පකිස්තානය ජය ලද ආකාරයෙන්ම ඉරානය සහ ඇෆ්ගනිස්තානය පරාජය
කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට වඩා හොද ලකුණු ප්‍රමාණයකින් එම රටවල් දෙක
පරාජය කිරීම කැපී පෙනෙන කාරණයක් වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය ඉරානය සමග 25 දා පැවති අතර එය
වට පහකට සීමා කරමින් ලකුණු 15/ 00 ලෙස ජය ගත්තේය.පකිස්තානය ඉරානය හමුවේ ජය ලැබුවේ
11/00 ලෙසය.ඇෆ්ගනිස්තානය සමග පැවති තරගයේ දි පන්දු රැකීමේ දී හ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ
යම් අඩුපාඩු සිදු වූ අතර ඒ අනුව වට 7 ක් දක්වා තරගය දිගු වූ අතර ලකුණු තත්ත්වය 14/
01 විය.පකිස්තානය එහිදී ඉදිරියෙන් සිටින අතර ඔවුන් ඇෆ්ගනිස්තානය පරාජයට පත් කළේ
ලකුණු 18/00 ලෙස ය.
|
No comments:
Post a Comment