ජාත්‍යන්තර
වොලිබෝල් සම්මේලනය 2011 වසරේ දී එම සම්මේලනයට අනුබද්ධිත රටවල් 220 තුළම ක්‍රියාත්මක වූ Volley
All Festival වැඩ සටහන ශ්‍රී ලංකාවේ හාලිඇල ජාතික පාසලේ දී ක්‍රියාත්මක
වෙමින් පැවතෙද්දී ප්‍රසාද් රශ්මික විසින්
ගන්නා ලද ඡායාරූපයක් එම වැඩ සටහනට අදාළ හොදම ඡායාරූපය ලෙස තෝරා ගන්නට ජාත්‍යන්තර
වොලිබෝල් සම්මේලනය විසින් තීරණය කර ඇත.
ප්‍රසාද්
විසින් ගන්නා ලද මෙම ඡායාරූපයට හාලිඇල මුගුණුමන විද්‍යාලයේ නෙත්මිණි ශාක්‍යා පෙනී
සිට ඇති අතර මෙම ඡායාරූපය මේ වසරේ ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රකාශිත
සියළු ග්රන්ථ වලට යෙදීමට ද එම සම්මේලනය තීරණය කර ඇත.එසේම ප්‍රථම වරට ජාත්‍යන්තර
වොලිබෝල් සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ආශ්‍රිතව හිමිවන සම්මානනීය අවස්ථාව මේ
ඡායාරූපය සමග ප්‍රසාද් විසින් හිමි කර ගන්නා අතර ඒ අනුව ඔහු මෙවර ඇමෙරිකාවේ දී
පැවත්වෙන 33 වන ජාත්‍යන්තර වොලිබෝල් සමුළුවේදී එම ඓතිහාසික අවස්ථාව උදා කර ගන්නවා
ඇත.
ප්‍රසාද්
දැනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පියෙකු
ලෙස සේවය කරන්නේය.
2 comments:
Excellent brother............
Excellent brother...........
Post a Comment