ඇමෙරිකාවේ මේ දිනවල ක්‍රියාත්මක ගෘහස්ථ මලල ක්‍රීඩා තරග සදහා සහභාගි වන චරිත් කපුකොටුව 28 දා පැවති ඩේව් ලිට්ල් විවෘත ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී බර වීසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරිමට සමත්විය.ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට ආගන්තුක එම ඉසව්වෙන් මීටර් 17.08 ක නව ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ කපුකොටුව මෙම තරගයේ දී එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගනිමින් මීටර් 17.23 ක දුරක් වීසි කර නව වාර්තාව තබන්නට සමත් විය.
ඉකුත් සතියේදී ගෘහස්ථ යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාවද සිය නමට ලියා ගත් කපුකොටුව (මීටර්15.83) මෙම තරගයේ දී එම ඉසව්වෙන් අත් කර ගත්තේ තෙවන ස්ථානය ය.ඒ සදහා ඔහු මීටර 15.10 ක දුරක් යගුලිය වීසි කළේය.
www.supirikrida.com

No comments:
Post a Comment