සිය බැඩ්මින්ටන් ජීවිතයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්වල උපරිමයට ළගා වීමට
ඉකුත් සතිය නිමාවන විට නිලූක කරුණාරත්න සමත් වී සිටිනවා.මීට පෙර වරෙක 71 වන
ස්ථානයට පත් වී ඇති නිලූක, මෙවර සිය ස්ථානය 69 වන ස්ථානය දක්වා ඉහළට ඔසවා ගෙන
තිබෙනවා.
මෑත කාලීන ඉතිහාසය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ වැඩි ප්‍රමාණයකට සහභාගී වීමේ
අවස්ථාව ලබා ගත් නිලූක ජාත්‍යන්තර තරගාවලි කිහිපයකම ජයග්‍රාහකයා වෙමින් ද තමන්ට
වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් ගණණාවක් පරාජය
කරමින් ද ජගත් බැඩ්මින්ටන් පිටියේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත්
වුණා.එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටින
නිලූක,මේ වන විට ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට හැකි නිර්‍දේශිත සීමාවේ
සිටිනවා.නමුත් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව නොලැබී ගියහොත් ශ්‍රේණිගත කිරීම්වල
පහතට වැටී එම අවස්ථාව නිලූකට අහිමි වී යන්නට ඉඩ තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබදව
බැඩ්මින්ටන් පරිපාලනයේ මෙන්ම ක්‍රීඩා ප්‍රධානීන් ගේද අවධානය යොමු විය යුතුව ඇති
අතර දැනට මැක්ලරන්ස් සමාගමේ වෙළද ලාංඡන තාතපති ලෙස එම ආයතයෙන් ලැබෙන අනුග්‍රහය
ඇතිව සහ මනිලාල් ප්‍රනාන්දු ගෙන් ලැබෙන යම් අනුග්‍රහයන් මත නිලූක ජාත්‍යන්තර
තරගවලට සහභාගි වන්නේ පුහුණුකරුවෙක් භෞත චිකිත්සකයෙක් හෝ නොමැතිව බැවින් ඔහු ගේ
දක්ෂතා එම තරගවලදී උපරිමයෙන් දැක්වීමට ඉඩ නොලැබෙන්නේය.
No comments:
Post a Comment