ජාතික දැල් පන්දු පුහුණුකාරිය ලෙස යළි හයසින්ත් විජේසිංහම පත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ සැළ වෙයි.ඇය මෙවර පුහුණුකාරිය ලෙස පත්වන විට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියාතික සූරියන්ව සිටි අතර පුහුණුකාරිය ලෙස ඇය ගත් ස්කොට්ලන්ත සංචාරය පිළිබද තීරණයෙන් පසුව දිගින් දිගටම පරාජය ද,ශ්‍රේණිගත කිරිම් වල පහතට ද වැටි ශ්‍රී ලංකාව මේ වන විට ජගත් හ්‍රේනිගත කිරීම් වල 20 වන ස්ථානය දක්වා පහත බැස ඇත.
එවකට සිටි දැල් පන්දු පරිපාලනය කඩා විටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික සූරියන් කරවීම සදහා දැඩි කැප වීමෙන් පුහුණු අපදෙස් ලබා දුන් තිලකා ජිනදාස පුහුණුකාරියගෙ භූමිකාවෙන් ඉවත් කිරීමට හැකිවන පරිදි පුහුණුකාරිය ලෙස හයසින්ත් විජේසිංහ ගෙන ඒමට අවශ්‍යය පසුබිම සකස් කළ අතර ඒ අනුව තිලකා බෘනායි වලින් ලැබුණු ඇරයුමක් මත එහි දැල්පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වගකීම ගෙන බෘනායි වෙත පිටත්ව ගියාය.
ඇති වී තිබෙන තත්ත්වය මත යළි තිලකා කැදවීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පෞද්ගලිකව පවා මැදිහත් වෙමින් උත්සාහ කර ඇතත් ඇය එම රට සමග අත්සන් කළ ගිවිසුම අවසන් විමට තවත් කාලයක් ඇති බැවින් තිලකාට එම ඉල්ලීම පිළි ගන්නට හැකි වී නැත.මේ තත්ත්වය තුළ අසාර්ථක වුව ද අත්දැකීම් සළකා පුහුණුකාරියක ලෙස ඇති ජ්‍යෙෂ්ඨත්වය ප්‍රමුඛත්වයේ සළකන විට හයසින්ත් විජේසිංහ ට පුහුණුකාර ධූරය හිමිවීමට ඉඩ ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අතර මේ වන විට එම තින්දුව රැදි ලිපි ගොනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය අතට පත් වී ඇති බව ද සනාත කරයි.
ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන් වැඩි දෙනෙකු හයසින්ත් යටතේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති නිසා නවක කණ්ඩායමක් සමග සිංගප්පූරු ආරාධිත රටවල් හයේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව අත්දැකීම් නැති ක්‍රීඩිකාවන් ගෙ අඩුව නිසා දැවැන්ත පරාජයක් ලැබීය.ඒ තත්ත්වය මත දැනට හයසින්ත්ට ප්‍රවින ක්‍රීඩිකාවන් එක් කර ගෙන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යළි ඔසවා තැබීමට හැකියාවක් තිබේද යන්න ගැන ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි අවධානයෙන් සිටිනු ඇති බව ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment