ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන් කණ්ඩායම සමග පැවත්වෙන තරගාවලියේ
සිව්වන තරගය කඩුලු හතරකින් ජය ගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය සම කර ගැනීමට
සමත් විය.තරගාවලියේ ප්‍රථම තරග දෙකම පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන සහ
සිව්වන තරග ජය ගනිමින් යළි තරගාවලියට ප්‍රවේශ වී සිටින අතර 06 දා පැවත්වෙන තරගය ජය
ගෙන තරගාවලිය ජය ගැනීමට අවශ්‍යය මානසික පරිසරයක සකසා ගැනීමට ද සමත් විය.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ
ශ්‍රී ලංකා ඒ නායක තිළින කණ්ඩම්බි පළමුවට පන්දුවට පහර දීම ඇරඹූ අතර මාලිංග බණ්ඩාර
(41/3),සීකු ගේ ප්‍රසන්න (43/3) සහ ධනුෂ්ක ගුණතිලක (43/2) ගේ පන්දු යැවීම ඉදිරියේ
අසරණව අඩපණව ගිය එංගලන්ත ඉණිම ලකුණු 204 ට සීමා විය.එංගලන්ත ආරම්භක පිතිකරුවන්
දෙදෙනාම අර්ධ ශතක ලබා ගත් අතර (සමිත් පටෙල් 50,ඇලෙක්ස් හෝල් 62 )ඔවුන් දෙදෙනාගේ
ආරම්භ කඩුල්ලේ සබදතාවය ලකුණු 85 ක් විය.නමුත් ඉන් අනතුරුව ලකුණු අතරට පිවිසීමට ශ්‍රී
ලංකා ක්‍රීඩකයනට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්ත ඉණිම
නියමිත පන්දු ඕවර් 50 ට පෙර පන්දු ඔවර 42.1 දී නිම කළහ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිම ඇරඹිමේ වගකීම දිමුත් කරුණාරත්න සහ
ධනුස්ක ග්නතිලක විසින් මනාව ඉටු කළ අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 84 ක්
විය.තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීමට මුල් වූ දිමුත් මේ තරගයේ
දී ද ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45 ක් රැස් කළ අතර
පන්දුවෙන් දැක් වූ දක්ෂතා වලින් නොනැවතී ධනුෂ්ක සිය පිත්තෙන්ද ලකුණු 41 ක
දායකත්වයක් ලබා දීමට සමත් විය.අහාන් ප්‍රියංජන ගේ පිත්තෙන් එක් වු ලකුණු 37 ද සහය
කර ගෙන නියමිත පන්දු ඕවර 50 ට පන්දු 47 ක ට මෙපිටින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 206 ක්
ලබා ගන්නා විට අහිමිව ගොස් තිබුණේ කඩුලු 6 ක් පමණි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබචතාවය තෙරපීමෙන් පිවිසීමට හැකිය.http://www.espncricinfo.com/ci/engine/current/match/549036.html ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ ජයග්‍රහණය සදහා පිත්තෙන් සහ
පන්දුවෙන් මනා දායකත්වයක් දැක් වූ ධනුෂ්ක ගුණතිලකය.දකුණතින් මද වේග පන්දු යවන සහ
වමතින් පිත්ත හසුරුවන ධනුෂ්ක,කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රීඩාවට ලැබුණු දායාදයක්
වන අතර වර්ථමානයේ ඔහු ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට්
බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු අඩි 6 ක උසකින් යුත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
No comments:
Post a Comment