දැයට කිරුළ පාපැදි සවාරියේ දෙවන දිනය නිමා වන විට තරගයේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ තිළින ද සිල්වා ට හැකි වී තිබෙනවා.තංගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා ක්‍රියාත්මක වූ තරගයේ ප්‍රථම දිනයේ ජයග්‍රහකයා වෙමින් ඊයේ රුවන්වැල්ලේ සිට මාතලේ දක්වා වූ තරගයේ දෙවන දිනයේ කහ ජර්සිය පැළද තරග කළ ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංගට අද තරගයේ අවසාන දිනයේ තරගයේ දී එම ජර්සිය යුධ හමුදාවේ තිළිණ ද සිල්වා ට ලබා දෙන්නට සිදු වුණා.ඒ අනුව අද මාතලේ සිට අනුරාදපුරය දක්වා වන ගමන් මාර්ගයේ දී තරගකරුවන් අතර කහ ජර්සිය පැළද තරග කරන තිළිණ,සමස්ත තරගයේ ජයග්‍රාහකයන් අතර තත්පර දෙකක කාල පරතරයකින් ඉදිරියෙන් සිටිනවා.
තරගයේ දෙවන අදියරේ ජයග්‍රහකයා වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසන්ත හරිස්චන්ද්‍රයි.තත්පර 30 ක පමණ කාල සීමාවක විහාල තරගකරුවන් පිරිසක් දකින්නට ලැබෙන නිසා අද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගැනීම නිසැකයි.වර්ථමානයේ තරගයක් ඇතුළත කණ්ඩායම් ක්‍රියාවලියක් ක්‍රියාවට නැගෙන නිසා සිය කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් වැඩි වෙහෙසකට පත් නොකොට සෙසු තරගකරුවන් වෙහෙසී තරග කිරිම සාමාන්‍ය දසුනක් වී තිබෙනවා.ඒ නසි අද තීරනාත්මක දිනයේදී කාල පරතරය අඩු කර ගැනීමට ස්ප්‍රින්ට් ජයග්‍රහණ තම කණ්ඩායම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ට ජය ගැනීමට හැකි වන ලෙස සෙසු තරගකරුවන් සහය දැක්වීම නිසා අද තරගයේ පෙරමුණේ සිටින ක්‍රීඩකයන් අභිබවා විශාල කාල පරතරයක් තබා ගෙන යමෙකු ඉදිරියට එනු ඇතැයි සිතීම අපහසුයි.නමුත් මාර්ගයේ ඇති යම් දුෂ්කරතා ප්‍රයෝජනයට ගෙන යමෙකු ඉදිරියට පැමිණියහොත් එය අද තරගයේ මුල් සැතපුම් 50 පමණ දුර දී සිදුවිය යුතුයි.
www.supirikrida.com
No comments:
Post a Comment