ඊයේ ඇරඹි ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ නොමද සහයෝගය ලැබීමට හේතුව තමන් මෙම තරගාවලිය සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් කර නොගෙන ඒ සදහා නිසි ජාතික වටිනාකම ලබාදීම බව සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න පවසයි.වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් තරගාවලිය සංවිධානය කිරීමේ කාර්යය පවරා ගත් එහි උප සභාපතිවරයෙකු වන කාංචන පවසන්නේ තමා ක්‍රීඩකයෙකුව සිට වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයට ක්‍රීඩා කළ අවධියේ සිටම වොලිබෝල් ක්‍රීඩාවට ආදරය කළ අයෙකු බවත් මේ වන විට රත්නපුර ප්‍රදේශයේ වොලිබෝල් වෙනුවෙන් උප සංස්කෘතියක් නිර්මාණය කිරීමට තමා දරන වෑයම පිළිබදව පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ සහයෝගය ලැබී තිබෙන බවත් ය.
ක්‍රීඩාව තමාගේ දේශපාලන ප්‍රචාරන ව්‍යාපෘතියක් කර නොගෙන ක්‍රීඩාවේ අභිවෘද්ධියට දේශපාලන සහය ලබා ගැනීම පිණිස තමන් දරන කැපවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සියළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගේ සහයෝගය ලැබී ඇති බව පෙන්වා දුන් කාංචන ජයරත්න මංත්‍රීවරයා ඒ සියල්ලන්ම මෙම තරගාවලියට සහභාගි වී හෝ සිය නියෝජිකයෙකු හෝ එවමින් තමා ධෛර්‍යයට පත් කිරීමෙන් ඒ බව සනාත වන බව ද කීවේය.රත්නපුර ප්‍රදේශයේ හදුනාගත් වොලිබෝල් දක්ෂතා ඇති පාසල්වල වොලිබෝල් සංවර්ධනය කරන අතරේම තමා හදුන්වා දුන් රාත්‍රී තරග සංකල්පය ද මේ වන විට ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් පළාත් සභා මංත්‍රීවරයා,කලෙකට පෙර කහවත්ත ක්‍රීඩා පිටියට රුසියානු කන්ඩායම් පැමිණ ක්‍රීඩා කරන්නට තරම් දක්ෂතා ඇති වොලිබෝල් ක්‍රීඩකයන් සිටි බව පැවසීය.යළිත් එවැනි දිනයක් උදා කිරීමට වොලිබෝල් වෙනුවෙන් ශක්තිමත් වටපිටාවක් නිර්මාණය කිරීමට තමා දරන වෑයමට සියල්ලන්ගෙන්ම විශාල සහයක් ලැබෙන බවත් වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙක් ලෙස එම සම්මේලනයේ සියල්ලන්ගෙන්ම විශාල උපකාරයක් ලැබෙන බවත් පෙන්වා දුන්නේය.
No comments:
Post a Comment