කලෙක පටන් අර්බූද වලට ලක් වී තිබූ ජාතික පාපැදි සම්මේලනය නැවත පණ ගැන්වීමේ කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිෂ් මාෂල් ගගන් බුලත්සිංහල ගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවකට පැවරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පියවර ගෙන ඇත.එහි ලේකම්වරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නම් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස බ්‍රිගේඩියර් රවී මායාදුන්න,නිශාන්ත පියසේන සහ එන් කරුණාරත්න නම් කර ඇත.
දිගින් දිගටම පැවති අර්බූද නිසා පාපැදි පරිපාලනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබූ අතර එම කාලය තුළ පාපැදි නීතිය සම්බන්ධයෙන් ක්‍රීඩා නිලධාරීන්ට විශේෂ දැණුමක් ලබා දෙමින් පාපැදි ක්‍රීඩාව විනිශ්චය සම්බන්ධයෙන් පැවති ඒකාධිකාරය බිද දැමීමට අමාත්‍යවරයා පියවර ගත්තේය.ඒ නිසා කල්ලි ලෙස ක්‍රියාවට නැගුණු විනිශ්චය ක්‍රියාවලිය සියලු දෙනාගේ සහයෝගයෙන් ක්‍රියාවට නැගෙන අයුරු ගෙවුණු යොවුන් පාපැදි සවාරියේ දී දකින්නට ලැබුණු අතර එම දැණුම බෙදා දෙන්නට මූලිකව ක්‍රියා කළ ජාත්‍යන්තර විනිසුරු එන් කරුණාරත්න ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර තිබේ.එසේම අවසාන වරට පැවති පාපැදි පරිපාලනයේ උප සභාපතිවරයෙකු වූ ද දිගු කාලයක් එහි ලේකම් ධූරය දැරුවා වූ ද නිශාන්ත පියසේන ද මෙම අතුරු කමිටුවට ඇතුළත් කර ඇත
www,supirikrida.com

No comments:
Post a Comment