තමන් ගේ සංස්කෘතික පරිසරය තුළ බිකිනියට ඉඩක් නැතත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙනවානම් රට වෙනුවෙන් ඒ ඇදුමෙන් ක්‍රීඩා කරන්න තමන් මෙන්ම මුලතිව් හී තව විශාල පිරිසක් සූදානම් බව ඊයේ පැවති ජනාධිපති රන් කුසලාන තරගාවලියට දහභාගි වන්නට පැමිණි මුලතිව් හී මින්නෝලි කණ්ඩායමේ කනගරාජා ශමින්දි ප්‍රකාශ කළාය.තමා වෙරළට ආසන්නයෙන් ජීවත්වන බව කී ශමින්දි එය ඒ ප්‍රදේශයට අලුත් අත්දැකීමක් වෙනු ඇති බව පැවසුවා ය.
'අපි තවමත් වෙරළ වොලිබෝල් දැක ඇත්තේ ටී වී එකෙන්' යැයි පැවසූ ශමින්දි එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට ඉදිරිපත් වීමේ දී බිකිනියෙන් පෙනී සිටින්නට අකමැති වීම ගැටළුවක් වී ඇති බව අප පෙන්වා දුන් අවස්ථාවේ දී ඉහත අදහස ප්‍රකාශ කළාය.සියල්ලට පෙර රට යන හැගීමෙන් අදහස් දැක් වූ ශමින්දි ඒ වෙනුවෙන් කරන කැපවීමට සංස්කෘතිය බාධාවක් කර නොගන්නා බව පැවසුවා ය.
ඇය මෙන්ම අප සමග අදහස් දැක්වීමට එක් වූ මුලතිව් තුනුක්කායි කණ්ඩායම නියෝජනය කළ දැනට සරසවි අපේක්ෂාවෙන් සිටින ජගදීස්වරන් ජනත්තගන් ද තමන් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩාවේ තාක්ෂණික කරුණු නොදැන බව ප්‍රකාශ කළහ.ඔවුන් පවසන්නේ තමන්ට ඇත්තේ හිතේ හයියත් ඇගේ හයියත් පමණක් බවය.නමුත් මෙවැනි තරගාවලි වලට සහභාගි වද්දී එය ජාතික මට්ටමට ප්‍රමාණවත් නොවන බව කී ඔව්හූ ජාතික වොලිබෝල් සම්මේලනයෙන් හොද පුහුණුකරුවන්ගේ උපදෙස් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
No comments:
Post a Comment