Jan 3, 2012

ක්‍රිකට් නිලවරණයේ ජය උපාලි පාර්ශවයට නිතරගයෙන්?


ද වසර හතකට පසුව පැවත්වෙන නිලවරණයේ බොහෝ තනතුරු සදහා උපාලි ධර්මදාස පාර්ශවයේ පිරිස් නිතරගයෙන් පත් විය හැකි බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.ඊට හේතුව වන්නේ අනෙක් පාර්ශවයන් තරග නොවැදි අද නිලවරණයෙන් ඉවත් විය හැකි බවට විශාල ඉඩකඩක් පැවතීමයි.ඊයේ වන විටත් ක්‍රීඩා සමාජ නියෝජිතයන් පත් කිරීම මෙන්ම අපේක්ෂකයන් ගේ නුසුදුසුකම් ගැනද විරෝධතා එල්ල වෙමින් පැවති අතර එම හේතුව ප්‍රධාන කර ගෙන මෙම ඉල්ලා අස්වීම් සිදු විය හැකි බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
නමුත් ක්‍රිකට් කේෂ්ත්‍රයේ තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ යම්කිසි බලවේගයක අවශ්‍යයතාවය මත ක්‍රිකට් නිලවරණය ඡන්දයකින් තොරව පැවත්වීමට අවශ්‍යය වටපිටාව සැකසෙමින් පවතින බවයි.ඒ අනුව ක්‍රිකට් නිලවරණයේ සාධාරණ බව ගැන ප්‍රශ්න කරමින් ඉවත් වීම යනු විරෝධය ප්‍රකාශ කරන පාර්ශව සිය ආත්ම ගෞරවය වෙනුවෙන් ගනු ලබන පියවරක් බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.කෙසේ හෝ තිලංග  සුමතිපාල ඉවත්ව ගිය ද ඔහු ගේ පාර්ශවය නියෝජනය කරන කණ්ඩායමට නායකත්වය දෙන මොහාන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ තම කණ්ඩායම තරගයෙන් ඉවත් නොවී තරග වදින්නේ නම් ක්‍රිකට් ලේකම් ධූරයේ තරගය පිළිබදව යම් තරගකාරීත්වයක් ඇති වුව ද, සෙසු නිල සදහා සිය පාර්ශවය නියත වශයෙන්ම පත්වනු ඇති බව යි.




No comments: