ශ්‍රී ලංකා හෙල්ල වීසි කීරීමේ සූරයා වන සචිත් මධුරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා
සංගමයෙන් ලැබුණු ප්‍රදානයක් මත පින්ලන්තයේ කෝර්තාන් හී පුහුණුව සදහා පිටත්ව ගිය
අතර අද ඔහු ගේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.පින්ලන්තයේ පවතින සීතල කාලගුණයට
හුරුවීම තරමක් අසීරු කාර්යයක් බව පවසන සචිත් එම පුහුණු මධ්‍යස්ථානයේ ඇති පහසුකම්
පිළිබදව දැඩි සතුටට පත් වී සිටියි.
‘මීටර් 80 සීමාවට අනිවාර්යයෙන් යන්න පුළුවන්’ යැයි පවසන සචිත් මෙවැනි
පහසුකම් ශ්‍රී ලංකාවේ තිබුණේ නම් තම පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සමග ද එම සීමාවට යාමට
හැකියාව ලැබෙනු ඇති බව පවසයි.වර්ථමානයේ ඉදිරියෙන්ම සිටින හෙල්ල වීසි කිරීමේ සූරයා
වන නෝර්වේ හී ඇන්ඩ්‍රියස් තොර්කිල්ඩ්සන් මෙන්ම පින්ලන්තයේ ටෙරෝ පිට්කමාකි වැනි
ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන්ම සිටින වීසි කරීමේ සූරයන් විශාල පිරිසක් පුහුනුව ලබන
කෝර්තාන් හී අත්දැකීම් සහ මග පෙන්වීම මත ලාංකේය හෙල්ල වීසි කිරීමේ ඉසව්ව ජාත්‍යන්තර
තලයට ඔසවා තැබීමට සචිත් ට ශක්තිය හා දිරිය ලැබේවා යැයි සුපිරික්‍රීඩා ප්‍රාර්ථනා
කරන්නෙමු.
ඡායාරූපයේ දැක්වෙන්නේ කෝර්තාන් හී පුහුණුව ලබන ටෙරා පිට්කමාකි ක්‍රීඩා කරන
ආකාරය යි.
No comments:
Post a Comment