Jan 4, 2012

මුෂ්ටි වන්නම අද ඇරඹෙයි



දේශීය නර්තන කලාව ක්‍රීඩා පුහුණුව සදහා පදනම් කර ගනිමින් ඔලිම්පික පදක්කමක් සදහා ක්‍රීඩකයෙකු නිර්මාණය කිරීම පසුබිම් කරගත් මුෂ්ටි වන්නම වේදීකා නාට්‍යයේ මුහුරත් උළෙල අද පෙරවරුවේ කොළඹ 06,ස්ටැෆර්ඩ් ඇවනිව් හී පිහිටි ගන්ධාරා හී දී පැවත්වීමට නියමිතය.ක්‍රීඩාව පදනම් කර ගත් නාට්‍ය නිර්මාණයක් පළමු වරට ලාංකේය වේදිකාවට ගෙන එන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක නිශ්මං රණසිංහ විසින් රචිත මෙම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ නිශ්මං රණසිංහ සහ සුදම් එස් පහළගම විසිනි.
සංගිත අධ්‍යක්ෂණයෙන් ගයාන් ගණකධාර දායක වන අතර ආලෝකකරණයෙන් වසන්ත කුමාර ද,අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණ ද මුෂ්ටි වන්නමට දායක වෙයි. වේදිකා පසුතල නිර්මාණය මෙන්ම වේදිකා පරිපාලනයද සුදම් එස් පහළගම සහ සුප්‍ර වීරකෝන් අතින් සිදුවන අතර ඇදුම් නිර්මාණය නිශ්මං රණසිංහ ගෙන්ය.නිශ්පාදන කළමණාකරු ලෙස මේ වේදිකා අත්දැකීම යථාර්ථයක් කිරීමට දායක වන්නේ ද සුදම් එස් පහළගමයි.

No comments: