මේ අවුරුද්ද ලෝකයේ අවධානය වෙනදාට වඩා ක්‍රීඩාවට යොමුවන වසරකි.ඊට හේතුව
ඔලිම්පික් තරගාවලිය පැවත්වීමය.නමුත් ලංකාවේ අවධානය ඊට යොමු වී තිබෙන්නේ වඩාත්
කණගාටුදායක ආකාරයට ය.එනම් ලංකාව දැඩි වෙහෙසක් දරමින් සිටින්නේ ඔලිම්පික් පදක්කමක්
සම්බන්ධයෙන් නොවන අතර ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍යයව ඇත්තේ ඔලිම්පික් නියෝජනයට
අවශ්ය්ය පරිසාධනය සම්පූර්ණ කර වයිල්ඩ් කාඩ් ක්‍රමයෙන් නොවන නියෝජනයකට පිවිසීමය.ඒ
තත්ත්වයෙන් පැහැදිළි වන්නේ කවුරුන් මොනවා කීවද ලංකාවේ ක්‍රීඩාව අතිශයින් දුප්පත්
බවය.
මේ දුප්පත්කමට හේතු කවරේද යන්න හදුනා නොගෙන පොහාසත්වීම ආරම්භ කිරීමට
නොහැකිය.නමුත් ආරම්භයේ දී සියල්ලන් දුවන්න සදන්නේ එකිනෙකා ගේ කකුල් බදාගෙන නම්
ආරම්භයක් සිදු නොවන බව පැහැදිලි කර ගත
යුතුය.සියල්ල දුවනවා හැරෙන්නට එකෙකු නවතා තමන් දිවීමෙන් මේ අභියෝගය ජය ගත නොහැකි
බවතේරුම් ගත යුතුය.නමුත් දකින්නට ඇත්තේ එකිනෙකා පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ ක්‍රියාත්මක
වීමය.තමන්ගේ අභිමතාර්ථ ජය ගනු පිණිස ක්‍රීඩාව භාවිතයට ගැනීමය.
ක්‍රීඩාවේද ප්‍රවීනයන් යනුවෙන් හංවඩු ගසාගත් පිරිස සිය දැණුම යාවත්කාලීන
කරගනු වෙනුවට සිය වයස අත්දැකීම සමග හදාගත් වෙනම ෆැන්ටසියක සිට සිහින බෙදමින් සිටියි.ඔවුන්ගේ
අතීත පරාක්‍රමයන් හී පෞරශ්‍යයට තව දුරටත් හිමිවන වලංගුභාවයන් සමග ඔවුන් විසින්
පවත්වා ගෙන යන ආධිපත්‍යයන් සහ දේශපාලනික සබදතා සමග සිය බල පරාක්‍රමයන් විහිදුවන
පිරිස්ද ක්‍රීඩාවේ පරිපාලනයේ දී මෙන්ම ක්‍රීඩාවේ පුහුණුකාරත්වයේ මූලිකත්වය ද
අත්පත් කර ගනිමින් ඔවුන්ගේ පදයට ක්‍රීඩාව නැටවීම මේ වැටීම් වලට ප්‍රධාන හේතුවක් බව
තේරුම් ගැනීම වැදගත්ය.
ඒ නිසා මේ වසරේ ක්‍රීඩාවේ ගමන නම අනුව නොව දැණුම අනුව සිදුවන වටපිටාවක් සකස්
වීම වැදගත් කොට සිතිය යුතුය.පළමු දේ දැණුමය.දැණුමේ අලුත්බව සමග පෙරට යාමය.ඒ
තත්ත්වය මේ වසරේ හෝ ක්‍රීඩාවේ දී නිසි ඇගයීමට ලක් වන්නේ නම් මේ වසරේ නොහැකි වුව ද
2016 ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩාවක් නිර්මාණය
කළ හැකිය.
සුභ අලුත් අවුරුද්දක් වේවා සියල්ලන්ටම!
No comments:
Post a Comment