දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී කලකට පසුව ජයග්‍රහණයක්
වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ටෙස්ට් තරගයේදී එම ජයග්‍රහණය වාර්තා කළ කණ්ඩායම
දැයි සැක හිතෙන තරමට දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් ඉණිමක පරාජයක්
ලැබීමේ අවදානමට මුහුණ දී සිටියි.දකුණු අප්‍රිකාව ප්‍රථම ඉණිමට කඩුලු 4 ට ලකුණු 580
ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉණිමේ දී රැස් කළේ ලකුණු 239
ට දැවී ගිය අතර දෙවන ඉනිම සදහා ඊයේ දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී රැස් කර සිටියේ
ලකුණු 138 ක් පමණි.
ප්‍රථම දෙදින තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 729 ක් එකතු වූ කේප්ටවුන් තණතිල්ල
තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී ලකුණු 228 ට කඩුලු 12 ක් අහිමි කර ගනිමින් පෑ
පිතිහරඹය දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂතාවයට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසීම
මදකම සහ නොසැළකිල්ල පැහැදිළි කරන්නක් බව පිළිගත යුතුය.ඉතා අපහසුවෙන් පරාජයෙන්
නැගිට ජයග්‍රහණ අතරට පිවිසි ශ්‍රී ලංකාව ඊටත් වඩා අන්ධකාර පරාජයේ මාවතකට තල්ලු
කරමින් දෙවන වරටත් දකුණු අප්‍රිකාව තුළ දී ඉණිමක පරාජයට මුහුණ දීමේ අවධානමට මුහුණ
දී සිටින අතර එම අවමානයෙන් ගැලවීම සදහා ශ්‍රී ලංකාවට තව දින දෙකක්ම ඉතිරිව තිබීම එම
අවධානමේ ප්‍රමාණය තිව්ර කරන්නේය.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට දෙවන ඉනිමේදී තිලකරත්න ඩිල්ෂාන් -ලකුණු
05,කුමාර සංගක්කාර - ලකුණු 34 සහ මහේල ජයවර්ධන -ලකුණු 12 යන විශ්වාසවන්තම
පිතිකරුවන් තිදෙනාගේ කඩුලු අහිමිව තිබෙන අතර එය ශ්‍රී ලංකාව පරාජය දෙසට තල්ලු විය
හැකි ප්‍රබලතම සාධකයක් ලෙස දැකිය හැකිය.පිලැන්ඩර් ගේ දෝලනය,ස්ටෙයින් ඉලක්කගත වේගය
මෙන්ම ඉම්රාන් තාහීර් ගේ දග කැවීම ඉදිරියේ වැරදි වලට පෙළඹෙමින් සිටින ශ්‍රී ලංකා
පිතිකරු නාම ලේඛණයේ මේ වන විට පිතිකරුවන් ලෙස විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන්
ඇත්තේ තිදෙනෙකු පමණි.ඒ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින තිලාන් සමරවීර සහ උප
නායක ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාත් සමග දිනේෂ් චන්දිමාල් ය.මේ තිදෙනා කෙතරම්
වේලාවක් කඩුල්ලේ රැදී සිට කෙතරම් ලකුණු ප්‍රමාණයක් රැස් කරයිද යන්න සහ පසුපෙළ
පිතිකරුවන් සිය කඩුල්ල රැක ගනිමින් උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දීම තුළ හැරෙන්නට
මේ තරගයෙන් ගොඩ ඒමක් ශ්‍රී ලංකාවට නැති බව අකමැත්තෙන් වුව ද පිළිගත යුතු සත්‍යයකි.
ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
No comments:
Post a Comment