ආසියානූ දැල් පන්දු සූරතාවය
හිමි ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මේ වන විට ආසියානු සූරතාවයෙන් පසුව ඇති වූ
වෙනස් කම් සමග සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී
ලංකාවට හිමි ව ඇත්තේ 20 වන ස්ථානය යි.ආසියාවේ තොවැනියන් ව සිටි ශ්‍රී ලංකාව නැවත
දැල් පන්දු සූරියන් බවට පත් කිරීමට වෙහෙස වූ දැල් පන්දු පුහුණුකාරිනිය වන තිලකා
ජිනදාස ඉවත් කර ඒ වෙනුවට හයසින්ත් විජේසිංහ පත්කිරීම සදහා පුහුණුකාරිය තෝරන ක්‍රමවේදය
සකස් කිරීමේ සිටම කටයුතු කළ හිටපු දැල්පන්දු පරිපාලනය ගත් අමනෝඥ ක්‍රියාවත් සමග මේ
වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමෙන් ස්ථාන 6 ක් පහළට වැටී ඇත.
හයසින්ත් පුහුණුකාර ධූරයට
පත් වීමෙන් ඉනික්බිතිව සංවිධානය කරන්නට යෙදුණ ස්කොට්ලන්ත සංචාරයෙන් ලද පරාජයත් ඉන්
අනතුරුව පසුගියදා සිංගප්පූරුවේ පැවති සය සාමාජික ජාත්‍යන්තර දැල් පන්දු තරගාවලියේ
දී ලද දැවැන්ත පරාජයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වර්ගීකරණයේ පෙර නොවූ විරූ
අයුරින් පහත වැටී ඇත.මේ තත්ත්වය මත බොහෝ විට 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය
අහිමිවීමට ද ශ්‍රී ලංකාවට ඉඩ ඇති බව පෙන්වා දෙන දැල්පන්දු විචාරකයන් එසේ
නොවන්නටනම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තරගවලදී විශාල ජයග්‍රහණ ලබා ගැනීමට සිදු
වනු ඇති බව ද පෙන්වා දෙයි.
මේ වන විට ජාතික මට්ටමේ ප්‍රධාන
ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වර්ථමාන පුහුණුකාරිය යටතේ පුහුණුවීම ප්‍රතික්ෂේප කර
ඇති අතර ඒ අනුව සිංගප්පූරු තරගාවලිය ප්‍රතික්ෂේපකළ එම ක්‍රීඩිකාවෝ පසුව පැවති
ජාතික සූරතාවලිය නියෝජනය කරමින් ඒ පිළිබදව සනාථ කළ හ.දැල්පන්දු පරිපාලනයට සම්බන්ධ
පිරිස් ද මේ වන විට පුහුණුකාරිය සිය අවශ්‍යයතාවයන් සදහා යොදා ගනිමින් ඇයගේ අවශ්‍යයතාවය
මත හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර තමාට වරප්‍රසාද ලබා ගැනීම සදහා ජාතික තරගාවලිය
සදහා ද සුදුසුකම් නොලද කණ්ඩායමක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාතික ණ්ඩායමට ඇතුළත්
කිරීමට පියවර ගැනීම ද දැක්විය හැකිය.
ජාතික පුහුණුකාරිය සිය
ආධිපත්‍යයට ලාංකේය දැල් පන්දුව කෙතරම් දුරට යටත් කර ඇති ද පැහැදිළි කරන සිදු වමක්
පසුගියදා ඇය සාමාජිකත්වය දැරූ ජාතික තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් තේරීමේ දී වාර්තා
වී ඇති අතර ඇයගේ උවමනාවට ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ ක්‍රීඩිකාවකට ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව
ලෙස සම්මාන ලබා දීමට යාම අවසන් මොහොතේ වැළකී ඇත්තේ එම තේරීම සදහා සහභාගි වූ අයෙකුට
ඇය ආරක්ෂක පෙළ ක්‍රීඩා නොකළ බව සිහිපත් වීමෙනි.
මේ ආකාරයේ විහිළු මඩුවක් වී
ඇති ශ්‍රී ලංකා දැල්පන්දුවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා යළිත් තිලකා
ජිනදාසගේ සේවය ලබා ගැනීම කෙරෙහි විමසිලිමත් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ
වාර්තා වුව ද ඇය මේ වන විට බෘනායි හී දැල් පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ ප්‍රධානියා
ලෙස පත්ව ඇති නිසා ඇයගේ පැමිණිම පිළිබදව විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයක් පැන නැගී
ඇත.
No comments:
Post a Comment