මෙවර ශ්‍රී ලංකා දකුනු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය තුළ අසාර්ථක පිතිකරුවෙකු
බවට පත්ව තිබූ ජැක් කලිස් තෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ දී ඒ සියළු දුර්වලතා
මගහැර පරිපූරණ පිතිකරුවෙකු බව ප්‍රදර්ශනය කරමින් අති විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින්
ලකුණු 156 ක් ලබා නොදැවී සිටියි.කඩුලු 2 ක් ලකුණු 56 ට බිද වැටී සිටියදී පිටියට
පිවිසි ජැක් කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප්ටවුන් තණතිල්ලේ හැසිරීම සියතට
ගනිමින් අගනා ලකුණු 109 ක් රැස් කළ ඇල්විරෝ පීටර්සන් සමග තෙවන කඩුල්ලට ලකුණු 205 ක
සබදතාවයක් පැවත්වූහ.ඉන් අනතුරුව පිටියට පිවිසි ඒබී ඩිවිලියර්ස් සමග මේ වන විට
ලකුණු 86 ක නොබිදුණු සබදතාවයක් දියත් කරමින් සිටින කලිස් මේ වන විට දකුණු අප්‍රිකා
ඉණිමේ ලකුණු තත්ත්වය කඩුලු 3 ට ලකුණු 347 ක් දක්වා ඔසවා දමන්නට දායක වී සිටියි.
කාසියේ වාසිය දිනා පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ
බලය ක්‍රමයෙන් සිය අණසක යටතට ගත් කලිස් ඒ සියළු දෙනා තමන්ට ලකුණු සපයන්නන් බවට පත්
කරගත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින අතර දැවී ගිය කඩුලු තුනෙන් දෙකක්ම ධම්මික ප්‍රසාද්
විසින් දවාගෙන ඇත්තේ ලකුණු 85 ට ය.චානක වෙළගෙදර ලකුණු හැත්තෑ පහකට එක් කඩුල්ලක්
දවාගෙන සිටියි.තරගයේ ලකුණු විස්තරය සදහා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html
No comments:
Post a Comment