Jan 3, 2012

දශ ප්‍රයාම සූරතාවය ලියොනාල්ට - සත් ප්‍රයාම සූරිය චෙර්නෝවා






ජගත් මලල ක්‍රීඩා සම්මේලනය මෙහෙය වූ සාමූහික ඉසව් තරග සූරතාවලියේ පිරිමි සූරතාවය දිනා ගන්නට කියුබාවේ ලියොනාල් සුවාරිස් සමත් වුණා.එම කාන්තා සූරතාවය දිනා ගත්තේ රුසියාවේ ටට්යානා චෙර්නෝවාට හිමි වුණා.පිරිමි තරග අංශයෙන් තරග 13 ක් සංවිධානය වී තිබූ අතර කාන්තා අංශයෙන් තරග 22ක් සංවිධානය වී තිබුණා.තරගකාරියන් දම තරගකරුවන් 317 ක් මෙම සාමූහික තරග ඉසව් සදහා තරග වැදුණා.
මෙම සූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ලියොනාල්ට සහ චෙර්නෝවා ට ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් හිමි වුණා.

No comments: