එලැඹෙන වසරේ ස්පාඤ්ඤයේ
බාසිලෝනා හී පැවත්වෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ
කාලපරිච්ඡේදය 2011 වසරේ ඔක්තෝම්බර් 1 දා ඇරඹි අතර ඒ අනුව සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා
සූරතාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව ශ්‍රී ලංකා උස පැනීමේ කණිෂ්ඨ සූරයා වන මිලාන්
මධුෂ්ක දිසානායක බාසිලෝනා තරගාවලියට සුදුසුකම් ලබා සිටින බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා
සංගමයේ ලේකම් ජීඑල්එස් පෙරේරා පවසයි.මීටර් 2.15ක පරිසාධනය ඉක්මවා සිටින
මිලාන්,වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අංක දෙකට වර්ගීකරණය වී සිටින ක්‍රීඩකයා ද වේ
කණ්ෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔහු
2011 වසරේ දක්වන ලද දක්ෂතා අනුව මේ වන විටත් ජගත් මලල ක්‍රීඩා සම්මේලනයේ අධි ශ්‍රේණියේ
පුහුණුව සදහා සුදුසුකම් ලබා සිටින අතර ඒ අනුව මේ වන විට චීනයේ පුහුණුව ලබමින්
සිටියි.පළමුවන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියද නියෝජනය කිරීමට සුදුසුකම්
ලබා ලත් මිලාන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු ගේ
පුහුණුකරු වන්නේ එම විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය ජයලාල් රත්නසූරිය ය.
No comments:
Post a Comment