ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කේෂ්ත්‍රයේ 80 දශකයේ මැද භාගය සහ අග භාගය තුළ දකින්නට ලැබුණු සුවිශේෂී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර රාජා විමලසිරි ට හිමි වූයේ ප්‍රමුඛ තැනකි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ රාජා නමින් රවීන්ද්‍ර විමලසිරි වුව ද වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජොරා යන නමින්ය.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොකාකෝලා එක්දින කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේම අවධානය දිනා ගන්නා මොහොතේ ඒ වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලැබුණේ ද රාජා ට ය.එම කණ්ඩායමේ සිටි දීපාල් ගුණවර්ධන, පසන් වනසිංහ,වැනි බොහෝ ක්‍රීඩකයන්ට ජයග්‍රහණයේ මතකයන් ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දොරටු විවර වූ අතර රාජා ද ඒ අතර සිටියේය.ඒ නිසා ආත්ම තෘප්තිය හෙබි රජයේ වැදගත් සහ පිළිගත වෘත්තියක නියැලීමේ ගෞරවය ක්‍රීඩාවෙන් ලැබුණු දායාදය කර ජීවත් වන්නට රාජා ට අවස්ථාව හිමි වුව ද,පෞද්ගලික කේෂ්ත්‍රයේ ක්‍රිකට් සදහා හිමි මූල්‍යමය වට පිටාව ස්පර්ශ කරන්නට රාජා ට අවකාශය රාජා ට නොලැබිණ.ඒ නිසාම රාජ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි ඇතැමෙකු තුළ තිබූ විශ්වාසය ද කෙමෙන් හැකිළිණ.
www.supirikrida.com
No comments:
Post a Comment