පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන මහා කඹ ඇදීමේ තරගාවලිය අගෝසතු 4 දා උදෑසන 7.00 සිට ඕවිටිගම බෝධිරාජ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.මේ වන විටත් ජාතික මට්ටමේ සිටින ප්‍රබලතම කාන්තා සහ පිරිමි කණ්ඩායම් රාශියක් මෙම තරගාවලියට ඉදිරිපත් වී සිටින අතර ප්‍රබල කණ්ඩායම් සියල්ලම පාහේ සහභාගීත්වය සනාත කර තිබෙන බව ද දැන ගන්නට ඇත.එසේම එදින පෙරවරු 7.00 ට පෙර මෙම තරගාවලියට අතුළත් වීම සදහා අනෙකුත් කණ්ඩායම් වලට ද අවස්ථාව සළසා ඇති බව ඩම්බෙල් ක්‍රීඩා සමාජය අවධාරණය කරයි.
පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 20,000 ක මුදලක් පිරිනමන අතර දෙවන සහ තෙවන ස්ථාන සදහා පිළිවෙලින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් පිරිනැමීමට නියමිතය.කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය සදහා රුපියල් 10000 ක් ද දෙවන ස්ථානය සදහා රුපියල් 5000 ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment