ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක දකුණු ආසියාතික මේස පන්දු සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණිෂ්ඨ සහ කැඩෙට් අංශයේ බාලක බාලිකා කණ්ඩායම් හතරටම ඉන්දියාව ඉදිරියේ අනු සූරතාවය ලබා නැවතෙන්නට සිදු වුණා.ජාත්‍යන්තර අවධානයට පත් වී සිටින කලාපීය ප්‍රබලයා වන ඉන්දියාව අවසාන තරග හතරම තරග 3 - 0 ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකාව පරාජය කළ ද කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ මේස පන්දු ක්‍රීඩාවද යම් ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන බව පැහැදිළි වුණා.
විශේෂයෙන්ම උදය රණසිංහ කැඩෙට් අංශයේ කණ්ඩායම් තරගාවලියේ තමා සහභාගි වූ කේවල තරගයේදී බර්ඩ් බෝරෝ සමග තරග වට 5 ක් දක්වා සිය තරගය පවත්වා ගෙන යාම කැපී පෙණුනා.මේ නිසා තරග සංවිධානයේදී මෙන්ම තරගාවලිය සම්බන්ධනිල ප්‍රකාශන වලදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වි උැති බවක් පෙනෙන්නට තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment