Jul 23, 2013

ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක්

න්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ක්‍රියාත්මක වූ දකුණු ආසියාතික මේස පන්දු තරගාවලියේ දී කණිෂ්ඨ බාලක සහ බාලිකා අංශයන් හී රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වුණා.එහිදී කණ්ෂ්ඨ බාලිකා අංශයේ තරග වල දී ඉන්දියාවේ මනිකා බට්රා සහ සුතිර්තා මුකර්ජි සූරතාවය දිනා ගත්තද ඊට එරෙහිව ප්‍රබල සටනක් දියත් කළ ශ්‍රී ලංකාවේ උමායා තාරකී සහ බුද්ධිනී රාජගුරු තරගයේ දෙවන වටය ලකුණු 11 - 9 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.එසේම සිව්වන වටයේ දී ද ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ලකුණු තත්ත්වය 11 - 13 ක් ලෙස සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණය වළක්වා ලන්නට සාර්ථක උත්සාහයක් ගත්තා.උමායා අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන්ද,බුද්ධිනී කුරුණෑගල මලියදේව බාලිකාවෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වී සිටියා.
එසේම බාලක යුගල අවසාන තරගයේදී තිලිණ විජේසිරි සහ නුවන්ත නිරෝෂණ රිදී පදක්කමක් දිනා ගත් අතර ඔවුන් දෙදෙනා වට 3 - 0 ක් ලෙස පරාජයට පත් කළ අභිෂේක් යාදෙව් සහ සුදන්සු ග්‍රෝවර් එහි රන් පදක්කම ඉන්දියාවට දිනා දුන්නා.තිළිණ මහනුවර විද්‍යාර්ත විද්‍යලයේ වන අතර නිරෝෂණ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවෙකු වෙනවා.
මීට අමතරව මෙම තරගාවලියේ කණ්ඩායම් තරග වලදී කණිෂ්ඨ සහ කැඩෙට් බාලක බාලිකා තරග අංශ හතරේම රිදී පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමි වුණා.බාලිකා කණිෂ්ඨ කේවල තරග අංහයේදී පවනි සිරිසේන සහ බුද්ධිනි රාජගුරු ලෝකඩ පදක්කම් දිනා ගත් අතර බාලක කඩෙට් අංශයේදී උදය රණසිංහ සහ ජයසංඛ සිල්වා කේවල අංශයෙන් ලෝකඩ පදක්කම්ලාභීන් බවට පත් වුණා.එම බාලිකා අංශයේද කේවල ලෝකඩ පදක්කම් යුගලයම ලංකාවට ලබා දීමට පවනි සිරිසේන සහ සෙසලා බණ්ඩාර සමත් වුණා.
www.supirikrida.com

No comments: