ලේට්න් කුසලාන තරගාවලිය කොළම සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූයේ මේ වසරේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වරටත් දක්ෂතම බොක්ක්‍රීඩිකා සම්මානය මාස් සදර්න් බොක්සිං ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණිටත් හිමි කර දෙමින්.පිරිමි අංශයේ දක්ෂතම පරාජිතයා වූයේ යුධ හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයේ ඉන්දික පෙරේරා යි.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ මාස් සදර්න් බොක්සිං සමාජයේ ලක්මාලි උදයංගනී යි.
ජූලි මස 17 වන දින සිට 21 වන දා දක්වා පැවති තරගාවලියේ අවසාන දිනය වඩා උද්වේගකර මුහුණු වරක් ගත් අතර විශේෂයෙන් මෑත කාලයේ ක්‍රීඩාව ආක්‍රමණය කරමින් පවතින විනිසුරුවන්ට නොසළකා හැරීමේ තත්ත්වය එන්න එන්නම බොක්සිං කේෂ්ත්‍රය තුළ ද වර්ධනය වෙමින් පවතින බවට මෙම තරගාවලියේදී ද දකින්නට ලැබුණා.එහිදී විනිසුරුවන් ද ජාතික වශයෙන් බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස වන තීරණ ගැනීම කළ යුතුය යන්නද අවධාරණය කළ යුතුව ඇත්තේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් කුකුසක් ඇති වන බැවිණි.
එවැනි අවස්ථාවන් කිහිපයක්ම ඊයේ ද දකින්නට ලැබුණු අතර මේ අවස්ථාවන් හී එම තත්ත්වයන් අවංකව තේරුම් ගෙන කටයුතු කරනු වෙනුවට සිය ක්‍රීඩකයා සම්බන්ධයෙන් අසාධාරණයක් වීම දක්වා එය පටු කොට පෙන්වීමට ඇතැම් ක්‍රීඩා සමාජවල නිලධරයන් දරණ වෑයමද කණගාටුදායකය.තවත් අවාසනාවන්ත තත්ත්වයක් ලෙස දැකිය හැක්කේ තරගාවලියට සහභාගි වන ප්‍රධානතම සිවිල් ක්‍රීඩා සමාජය වන මාස් ක්‍රීඩා සමාජ ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජ එක් රොක් ව සිය පොදු සතුරා ලෙස සළකා ක්‍රියා කිරීමය.
එවැනි තත්ත්වයක සාමාන්‍ය ප්‍රේක්ෂකයා සහ මාස් අතර දුරස්බවක් නිර්මාණය කර ස්වීය පැවත්ම සදහා මගක් සකසා ගනු වෙනුවට එම විරෝධ හදයාංගම ඒවා නොවන බැවින් විරෝධය කරන හොහොතට හෝ ඉන් මතුවටද ඊට එකතු කර ගත හැකි වටිනාකමක් නැත.ඒ කොසේ වුව ද විනිශ්චය ද මිට වඩා විමංසනාක්ෂියකින් සහ ජාතික වගකීමකින් තරගය වෙත යොමු වූ මනසකින් කළ යුතු බව අපි ද විශ්වාස කරමු.නව නීතිමය තත්ත්වයන්ට අනුව පිරිමි පහළ බර පංති තරග හිස් ආවරණ නොපැළ ද පැවත් වූ අතර ලකුණු සටහන යාන්ත්‍රිකව සිදු නොවීම නිසා ඒ සදහා අනවශ්‍යය කාලයක් වැය විය.බොක්සිං සංගමයේ නිලධාරියෙකු පැවසුවේ නව නීතිමය තත්ත්වයන්ට අනුව ලකුණු සටහන් කරන විද්‍යුත් උපකරණ සකස් වී පැමිණිමට තව සුළු කාලයක් වැය වෙනු ඇති බවය.
www.supirikrida.com
No comments:
Post a Comment