තණතීරුවේ ස්වභාවය පළමුව පන්දුවට පහර දීමට එතරම් උචිත නොවුණද,තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් කල්පනාකාරිව ලකුණු 61 ක් ලබා ගත්තා.වගකීම් සපිරි ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් සිව්වන කඩුල්ල ලෙස ලකුණු 43 ට දැවි යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි නායක චන්දිමාල් ට විශාල සම්බන්ධතාවයක් පැවත්වීමට සහය දැක්විය හැකි සගයෙක් නොලැබි කළ වගකීම තමන් පිට පවරා ගනිමින් ඔහු කණ්ඩායමට වටිනා ලකුණු 43 ක් එක් කර දුන්නා.
ඒ නිසා අතරමග වැටි වර්ෂාව විසින් ශ්‍රී ලංකා ඉණිමට තිත තබද්දී ලකුණු පූවරුව පන්දු ඕවර් 49.2 දී කඩුලු නවයකට ලකුණු 223 ක් ලෙස දැක් වුණා.එම ලකුණු ප්‍රමාණය සදහා යාමේදී ශ්‍රී ලංකාවට විශාලතම හිසරදය බවට පත් වූ මෝර්නි මෝර්කල් ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගත්තා.ප්‍රදර්ශණාත්මක පන්දු රැකීමක නිරත වූ දකුණු අප්‍රිකානුවන් අතරින් ඩිල්ෂාන් දවා ගැනීමට ඩිවිලියර්ස් රැක ගත් උඩ පන්දුව මෙන්ම චන්දිමාල්ගේ ඉණිම අවසාන කරමින් ඩුප්ලෙසිස් රැක ගත් උඩ පන්දුවත් අති විශිෂ්ඨ මට්ටමේ උඩ පන්දු වුණා.
පිළිතුරු ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දවා ගත් ලසිත් මාලිංග රොබින් පීටර්සන් ලකුණු 3 ක් ලබා සිටියදී නැවත ක්‍රීඩාගාරයට පිටත් කර හැරියා.වර්ෂාව කිනම් මොහොතක ඇද වැටේද යන සැකය නිසා ලකුණු වේගය රදා ගැනීම සදහා නිරන්තරයෙන් උත්සාහ කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිදු වූ අතර එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 21 වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට අහිමි වූ කඩුලු ප්‍රමාණය පහක් බවට පත් වි තිබුණා.හිමි වී තිබූ ලකුණු 104 ඒ මොහොත වන විට දැවී ගිය කඩුලු ප්‍රමාණයද සැළකිල්ලට ගැනීමේදී ලකුණු 121 ක් වූ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 17 ජයක් හිමි වුණා.රංගන හේරත් යළිත් වරක් පන්දුවෙන් දක්ෂතා පෙන්වමින් ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635654.html
www.supirikrida.com
No comments:
Post a Comment