කැඩෙට් බාලිකා තරග අංශයේදී කණ්ඩායම් දෙකක් පමණක් ඉදිරිපත් වී සිටි අතර එහිදී ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද තරග 3 - 0 ක් ලෙස නේපාල ක්‍රීඩිකාවෝ පරාජයට පත් කර අද අවසාන තරගයට සුදුසුකම් ලබා ඇත.බාලක කැඩෙට් තරග අංශයේදී ශ්‍රී ලංකාව සිටි බී කාණ්ඩයේ දී ප්‍රතිවාදීන් ලෙස හමු වූ භූතානය සහ නේපාලය තරග 3 - 0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.එහිදී එම කාණ්ඩයේ දෙවන තැන නේපාලයට හිමි වූ අතර ඒ කාණ්ඩයේ දී ඉන්දියාව විසින් බංගලාදේශය සහ පකිස්තානය පහසුවෙන් පරාජය කර පෙරමුණ ගත් අතර දෙවන තැන පකිස්තානය පරාජය කරමින් බංගලාදේශය විසින් දිනා ගැනීම කැපී පෙණින. එසේ කැපී පෙනෙන ජයක් ලැබුව ද,අද පෙරවරු 10 සිට ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට ඔවුන් තර්ජනයක් නොවනු ඇති බව විචාරක මතය වන අතර තරගාවලිය සම්බන්ධ නිල ප්‍රවෘත්ති සටහන් වලද ශ්‍රී ලංකාව කලාපයේ මේස පන්දු ක්‍රීඩාවේ දෙවැන්නෝ බව හදුන්වා ඇත.එසේ වුවහොත් ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමග ආසියානු කැඩෙට් බාලක සූරයන් තීරණය කරන තරගයට ශ්‍රී ලංකාව පස්වරු 1.00 සිට මුහුණ දෙනු ඇත.
කණිෂ්ඨ බාලක අංශයේ තරග වලදී ද,ශ්‍රී ලංකාව සිටියේ බී කාණ්ඩයේ ය.එහිදී බී කාණ්ඩයේ සිටි නේපාලය සහ බංගලාදේශය තරග 3 - 0 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ කාණ්ඩයේ සිටි ඉන්දියාවද ඒ අකාරයේම ප්‍රතිපල විදහා දක්වමින් පකිස්තානය සහ භූතානය පරායට පත් කළේය. ඒ කාණ්ඩයෙන් දෙවන තැනට පැමිණි ශ්‍රී ලංකාව අද පස්වර් 1.00 ට ඇරඹෙන අවසාන තරගයට මුහුණ දීම සදහා සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය සමග තරග වදියි.ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගත් ඉන්දියාව බී කාණ්ඩයෙන් දෙවන තැනට පත් නේපාලය සමග තරග වදියි.
ඊට අමතරව අද දිනයේ කණිෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා කේවල තරග මෙන්ම යුගල තරග ද පැවත්වෙන අතර කැඩෙට් අංශයේ කේවල තරග ද පැවත්වීමට කටයුත් සකස් කර ඇත.ඊයේ පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ඡායාරූපයක් පහත පළ වේ
www.supirikrida.com
No comments:
Post a Comment