Jul 24, 2013

දඹුල්ලේදී ඉන්දීය ගැටවරයන්ගෙන් ලාංකේය ගැටවරයන්ට දරුණු ප්‍රහාරයක්

Vijay Zol plays one into the leg sideශ්‍රී ලංකාවේ සංචාරය කරන අවුරුදු 19 න් පහළ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹි පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 333 ක් ලබා අති ප්‍රබල ස්ථානයක පසු වෙනවා.කාසියේ වාසිය දිනූ කුසල් මෙණ්ඩිස් පන්චුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට කළ ආරාධනය බන්දේසියක තබා දුන් රස බොජුනක් බවට පෙරළා ගත් ඉන්දීය ක්‍රීඩකයන් අතරින් මේ දක්වා තණතිල්ල මතට පා තැබූ පිතිකරුවන් සිව් දෙනාම අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනා.ඒ අතරින් ඉන්දීය තේරීම් කමිටුවේ දැක්ම සුපැහැදිළි කළ වගකීම් පෙරදැරි කරගත් සුපිරි ඉණිමක නියැලෙන ඉන්දීය නායකයා විජේ ෂෝල් ලකුණු 129 ක් ලබා ඊයේ දිනය නිමා වන විට නොදැවී සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැවී ගිය ඉන්දීය කඩුලු දෙක ලක්ෂාන් ජයසිංහ (59/1) සහ රමේෂ් මෙණ්ඩිස් (95/1) අතරේ බෙදී ගියා.පහත දැක්වෙන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com

No comments: