Jul 25, 2013

ලංකාව 20 / 20 න් උඩ එයි

ජාත්‍යන්තර 20/20 නවතම රිලයන්ස් ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.එහි දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇති අතර තෙවනනස්ථානයේ ඉන්දියාව පසු වෙනවා.
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට  තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com

No comments: