මේ දිනවල ප්‍රංශයේ ක්‍රියාත්මක අන්තර්ජාතික අබාධිත වූවන් සදහා වන ක්‍රීඩා තරගාවලියේ ටී 47 දරණ කාණ්ඩයේ මීටර් 400 තරගයට ඉදිරිපත් වූ ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනූ ප්‍රදීප් සංජය මෙම තරගයේ අවසන් පූර්ව තරගය ජය ගත්තේ දෙවැන්නා වෙමින්.තත්පර 50.23 ට තරගය නිම කළ ප්‍රදීප් අවසාන තරගයට තේරී පත් වී සිටින අට දෙනාගෙන් පෞද්ගලික දක්ෂතාවය අනුව සංජය ඉදිරියෙන් සිටියි. ඒ නිසාම අද පැවත්වෙන ටී 47 අවසාන තරගයේ දී මංතීරු හතරේ තරග වැදීමේ භාග්‍යය දිනා ගැනීමට සංජය සමත් වී සිටියි.මේ සමග දැක්වෙන්නේ තරග වැදුණු අයුරු දකින යූ ටියුබ් රූප පෙළක්ය
No comments:
Post a Comment