Nov 2, 2013

ඩයන් ගෝමස් කුසලානයට බොක්සිං කැකුළු තරග බිමට

වුරුදු 13 සහ 14 මට්ටමේ පාසල් බොක්සිං ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට සහ ඔවුන්ට ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති කරවීම සහ ඔවුන්ව දිරිමත් කිරීම පිණිස පවත්වන ඩයන් ගෝමස් බොක්සිං කුසලාන බොක්සිං තරගාවලියේ සත් වැන්න අද සිට නොවැම්බර් 5 දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය බොක්සිං කවයේදී පැවත්වීමට නියමිතය.අද පෙරවරු 8 .00 සිට 10.00 දක්වා තර/ාවිලයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බර මැනීම මෙන්ම වෛද්‍ය පර්යේෂණ කටයුතු කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ නොවාසිකාගාරයේදී සිදු කරන අතර හෙට (03) සහ අනිද්දා ද(04) මෙම කටයුතු එම ස්ථානයේදීම පෙරවරු 8.00 සිට පෙරවරු 9.00 දක්වා පැවත්වීමට නියමිතය.
තරගාවලිය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති නව බොක්සිං නීති වලට අනුව සිදු කිරීමට නියමිතය.
www.supirikrida.com

No comments: