විශාල ඉලක්කයකට ලඝා වීමේදී ශක්තිමත් ආරම්භයක අවශ්‍යයතාවය ඉටු කළ රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර් 29.3 ක් තළ දී රැස් කළ එක් කළ ලකුණු සබදතාවය 179 ක් වූ අතර මේ ශක්තිමත් ආරම්භයට රෝහිත ෂර්මා ලකුණු 79 ක් එක් කළ අතර ශිකර් ධවානගේ දායකත්වය ලකුණු 102 ක් විය.මේ ආරම්භය ප්‍රාතිහාර්යක් කිරීමට අවශ්‍යය පදනම බවට පෙරළා ගත් විරාට් කෝලි පන්දු 61 කින් වාර්තා වූ ශතකයක් සමග ප්‍රවේගතාරී ඉණිමක් දියත් කළේ පනස්වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ඉන්දියාවට අදහාගත නොහැකි ජයග්‍රහණයක් උරුම කර දෙමින්ය.ඒ අනුව තරග 7 කින් සමන් විත තරගාවලියේ ජයග්‍රහණ ප්‍රමාණය 2 - 2 ක් ලෙස සම වන අතර පැවත්විමට ඉතිරිව ඇති හත් වන තරගය වඩාත් තීරණාත්මක සහ තරගකාරී රටාවකින් යුතු තරගයක් බවට පත් වනු ඇත.
ලකුණු පූවරුව සදහා පිවිසීමට මෙම සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/india-v-australia-2013-14/engine/match/647259.html
www.supirikrida.com
No comments:
Post a Comment