Oct 31, 2013

වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් ඉල්ලුම්පත් භාර ගැනීම නොවැමබර් 10 අවසන්

වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය 30 වන වරටත් පැවත්වීමට නියමිත වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය සසදහා ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය නොවැමබර් 10 වන දා බව වෙළද සේවා බැඩ්ම්න්ටන් සංගමය දන්වා සිටිනවා.දැනටමත් www.mercantilebadminton.lk  වෙබ් අඩවියෙන් අදාළ ඉල්ලුම් පත් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර ඒ සම්බන්ධ වැඩි විස්තර දැන ගැනීමට වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප්‍රනාන්දු දුරකථන අංක 0772 442432 ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථාව තිබෙනවා.
සියළුම අයදුම්පත් වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංත 65/1,දෙවන මහළ,නාවල පාර, නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු අතර මෙවරත් ඩියුලක්ස් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් 24 සි දෙසැම්බර් 1 දා දක්වා ගල්කිස්ක ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
www.supirikrida.com

No comments: