Nov 1, 2013

ඩීඑස්අයි වොලිබෝල් තෙවැන්නෝ

පාසල් වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්තයන්ගේ සිහිනය වි ඇති සහ ලාංකේය වොලිබෝලයේ අනාගත අභිවෘද්ධිය පිණිස වන විශිෂ්ඨතම සත්කාර්යය බවට අවිවාදිත ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් 2013 තරගාවලියේ අවසාන තරග නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇති අතර පහත දැක්වෙන්නේ මෙවර එම තරගාවලියේ ඒ ඒ වයස් කෘණ්ඩ වල තෙවන ස්ථාන දිනූ බාලක සහ බාලිකා කණ්ඩායම්ය.
තරගාවලියේ සජිවි ලකුණු සටහනක් සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය (www.supirikrida.com) හරහා ගෙන ඒමට බලාපොරොත්තු වන අතර තාක්ෂණික ගැටළු කිහිපයක් නිරාකරනය කර ගැනීමට අවස්ථාව ලැබුණහොත් තරගාවලියේ සජීවි රූපමය විකාශයක්ද වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇත.
තරගයේ අවසාන තරග සදහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම්වල තොරතොරු ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

අවුරුදු 14 න් පහළ බාලක රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය



අවුරදු 14 න් පහළ බාලිකා ගලපිටමඩ වළගම්බා විද්‍යාලය
අවුරුදු 16 න් පහළ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය
අවුරුදු 16 න් පහළ බාලිකා අම්පාර උහන වෑවින්න විද්‍යාලය
අවුරුදු 18 න් පහළ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය
අවුරුදු 18 න් පහළ බාලිකා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය







                                   

No comments: