Oct 27, 2013

මැකලම් සහ ටේලර් බෝලෙට හුරු වෙන්න නවතියි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 10 දා සිට 21 දා දක්වා පැවත්වෙන එක්දින තරග තුනකින්  සහ 20 - 20 තරග දෙකකින් සමන්විත තරගාවලිය සදහා නවසිලන්ත කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් දෙපළ වන බ්‍රෙන්ඩන් මැකලම් සහ රොස් ටේලර් සහභාගි නොකිරීමට නවසීලන්ත ක්‍රිකට් පරිපාලනය තිරණය කර ඇත.එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එලැඹෙන ටෙස්ට් සංචාරයේදී වඩාත් හොදින් ප්‍රයෝජන ගැනීම සදහා ඔවුන් දෙදෙනා රතු පන්දුවට හුරු කිරීම සදහා මෙම තීරණය ගත් බව එරට ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයද ඉදිරියට එක් දින සහ 20 - 20 තරග පමණක් යෙදි තිබියදී සුදු පන්දුවෙන් ක්‍රීඩා නොකර රතු පන්දුව භාවිතයට ගැනෙන සිව් දින තරගාවලියක් සංවිධානය කළ අතර එම තරග වලින් පසුව අද දින සුදු පන්දුවෙන් කෙන්යාව සමග වන තරගයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com

No comments: