Nov 1, 2013

ආගමන විගමන සුහද කෙළි උළෙල හෙට

ගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ට විවෘත වූ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු සේවක සුහද ක්‍රීඩා උළෙල හෙට (නොවැම්බර් 02) දවස පුරා කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.එහි සේවක සේවිකාවන්ගේ සහ එම පවුල් වල සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රීඩා කුශලතාවයන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඔවුන්ට විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි වන අයුරින් සංවිධානය කර ඇති මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සදහා පෞද්ගලික අංශයෙන්ද යම් යම් අනුග්‍රාහකත්වයන් ලැබී ඇත.
www.supirikrida.com

No comments: