![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsLq5qluLKjPjBb5Vv_YOy0qCpRYnBLukeq0ve40Fz8DATcGFWFnUkSYmcWVH0iY-IonFSuDWFwNPcoieBGh6OPLOfCv5OzrnfHvtSagsXGKkdj3zSYlacaxyqxZd95sQhfRxkoTucE1o/s640/volly+all+1.jpg)
ලාංකේය වොලිබෝලයේ චිවර ලකුණ ලෙස ප්‍රකටව සිටින පුස්සැල්ලේ ඥාණතිලක ස්වාමීන්වහන්සේ ගේ මග පෙන්වීමෙන් පිටියට බට රක්වාන රත්නාලෝක විද්‍යාලය අවුරුදු 14 න් පහළ බාලිකා අවසන් තරගයට ප්‍රවේශ වූයේ චීවරයේ සමාජ වගකීම ලෙස විවිධ අරුත් සමාජය තුල ක්‍රියාකාරීව පවතින යුගයක අලුත් සංස්කාතියක් නිර්මාණය කරමින් විම ද විෂේශත්වයකි.ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලීය කණ්ඩායම අවුරුදු 16 න් පහළ බාලිකා අවසන් තරගයට ප්‍රවේශ වෙද්දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නට ද සබරගමුවේම කණ්ඩායමක් සුදුසු වන අතර ඒ අවස්ථාව දිනා ගන්නේ ගලිගමුව මධය විද්‍යලයයි.
තරගාවලියේ කැපී පෙණෙනම කණ්ඩායමක් බවට පත් වු සීදුව දවිසමර විද්‍යාලය මෙවර අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරග සදහා සුදුසුවන අතර අවුරුදු 16 න් පශල අවසාන තරගයේදි ඔවුන්ට එදිරිව නැගි සිටින්නේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම වන අතර අවුරුදු 18 න් පහළ අවසාන තරගයේදි දවිසමරයේ එදිරිවාදියා වන්නේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය කණ්ඩායමයි.අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගයට තොඩුවාව ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ ආණමුඩුව මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර පහත දැක්වෙන්නේ ඒ වයස් කාණ්ඩවලින් තෙවන සහ සිව්වන ස්ථාන ලැබූ කණ්ඩායම් ලේඛනයයි.
අවුරුදු 14 න් පහළ බාලක
තෙවන ස්ථානය - රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය
සිව්වන ස්ථානය- හුංගම විජයබා ජාතික පාසල
අවුරුදු 14 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලය
සිව්වන ස්ථානය -අම්පාර උහන හිමිදුරාව මහා විදයාලය
අවුරුදු 16 න් පහළ බාලක
තෙවන ස්ථානය -ධම්මිස්සර මධ්‍ය විද්‍යාලය
සිව්වන ස්ථානය -වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය
අවුරුදු 16 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -අම්පාර වෑවින්න විදයාලය
සිව්වන ස්ථානය -ආණමුඩුව මධ්‍ය මහා විද්‍යාලය
අවුරුදු 18 න් පහළ බාලක
තෙවන ස්ථානය -වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය
සිව්වන ස්ථානය -ධම්මිස්සර මධ්‍ය විදයාලය
අවුරුදු 18 න් පහළ බාලිකා
තෙවන ස්ථානය -වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය
සිව්වන ස්ථානය -හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විදයාලය
ඉහත ප්‍රතිපල ලේඛණ නිරීක්ෂනයේදී ඉහළම ප්‍රගතිය පෙන්වා ඇති දිස්ත්‍රික්කය ලෙස අම්පාර කැපී පෙනෙනවා.එම පළාතෙන් කණ්ඩායම් දෙකක් අවසාන කණ්ඩායම් හතර දක්වා පැමිණ තිබිම විෂේශ සිදුවීමක් ලෙස දැකිය හැකියි.සදමඩුල්ල,හුලංනුගේ මෙන්ම අම්පාර ඩීඑස් සේනානයක මධ්‍ය මහා විද්‍යාලයද කාලයකට එපිට ජාතික සූරතා පවා අත්කර ගනිමින් කැපි පෙණුනත් වසර පහක පමණ ඉතිහාසය ගත් විට එසේ අහිමිව ගොස් තබූ කීර්තාය යළි සැපැමිණිමක් ලෙස මේ අවස්ථාව හැදින්විය හැකියි.එසේම නැගෙනහිර පළාතේ ආධිපත්‍යය දරා සිටි ත්‍රිකුණාමලය මිහිදු විද්‍යාලීය වොලිබෝල් බාලිකාවන් යටපත් විම ද මේ ප්‍රතිපල නිරීක්ෂයේදී පැහැදිළි වෙනවා.
සබරගමුවේ පාසල් වොලිබෝලයේ නැවුම් පිබිදීමක් දකින්නට ලැබීම ද මේ ප්‍රතිපල ලේඛන නිරීක්ෂයේදී පැහැදිළි වන අතර නමුත් අවසාන තරග සදහා පිවිසි කණ්ඩායම් නිරීක්ෂනයේදී එම පාසල් සියල්ල,පුත්තලම,හම්බන්තොට,ගමපහ,රත්නපුර,කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් වලට සිමා වි තිබෙන බව පැහැදිළි වන අතර සෙසු දිස්ත්‍රික්ක වල ජාතික ක්‍රීඩාව වන වොලිබෝලය තවමත් උසස් තලයකට ප්‍රවේශ වි නොමැති බවට ඒ මගින් සාක්ෂි සැපයෙනවා.D S I තරගාවලිය මේ අනාගතය වෙනුවෙන් කරන මෙහෙවර සත්කාර්යය ඉදිරියට ජාතික තලයෙන් රැක දීමට නම් මේ අලුත් පිබිදීම් දෙස බලා සිනාසී අත්පොළසන් දීමට අමතරව විශාල වැඩ කොටසක් ජාතික ක්‍රීඩාවේ පරිපාලකයන් ලෙස කාලයක සිට වැජඹෙන පිරිසට අලුත් චින්තනයක් ඇති කර ගැනීමට සිදු වෙනවා.
WWW.SUPIRIKRIDA.COM
No comments:
Post a Comment