Oct 30, 2013

ධනුෂ්ක සහ කුසල් කෙන්යාවට එරෙහි ජයට මුල් වෙති

            
Mashtayage Danushka Gunathilaka
Mathurage Don Kusal Janith Perera

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කෙන්යානු ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති දෙවන සහ තෙවන තරග වලදී ද ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ජය ගැනීමේ අවස්ථාව හිමි වුණා.කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීම පහසු කළ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරා අපූරු පිතහරඹයන්හි නියැලීම කැපී පෙණුනා.‍
දෙවන තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය පන්දු ඕවර් 20 නිමා කළේ ලකුණු 187 ක් ලබමින්.එහිදී ක්‍රියාත්මක වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 44 දී ලකුණු 70 ක් ලැබූ අතර එයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා.
http://www.espncricinfo.com/ci/engine/match/682217.html එම තරගයේ ලකුණු සටහනට ඉහත සබදතාවයෙන් පිවිසිය හැකි අතර තෙවන තරගයේ ලකුණු විස්තරයට පහත දැක්වෙන සබදතාවයෙන් පිවිසිය හැකියි.http://www.espncricinfo.com/ci/engine/match/682219.html
එහිදී කාසියේ වාසිය ලැබපළමුව පන්දුවට පහර දුන් කෙන්යාව ලකුණු 122 ට සීමා කිරීමට මූලිකත්වය ගත් ජීවන් මෙණ්ඩිස් ලකුණු 14 ට කඩුලු 4 ක් ලබා ගත්තා.පිළිතුරු ඉණිමේදී සීසීසී පිටිය දෙවනත් කළ කුසල් ජනිත් පන්දු 47 දී ලකුණු 81 ලැබූ ජනිත් ගේ පිත්තෙන් හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් එල්ල වුණා.
තරගාවලියේ සිව්වන තරගය හෙට කොළම සීසීසී පිටියේදීම පැවත්වීමට නියමිතයි.
www.supirikrida.com

No comments: