Oct 28, 2013

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු හයක ජයක්

Dilhara Lokuhettige in his delivery strideශ්‍රී ලංකාවේ සංචාරය කරන කෙන්යානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති 20 - 20 පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් අත් කර ගත්තා.කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේදී පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ කෙන්යානු නායක කොලින්ස් ඔබායෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දිල්හාර ලොකුහෙට්ටිගේ සහ රමිත රඹුක්වැල්ල ඉදිරියේ අසරණ වූ කෙන්යානු පිතිකරුවන් ගේ ඉණිම ලකුණු 125 ට සීමා වුණා.ලෙකුහෙට්ටිගේ ලකුණු 20 ට කඩුලු 3 ක් ලබා ගත් අතර රමිත කෙන්යානු ඉණිම වෙනුවෙන් අනගි සේවයක් කළ ස්ටීව් ටිකලෝ (44) ගේ කඩුල්ල ද සමග ලකුණු 23 ට කඩුලු 3 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිමේ ජයග්‍රාහී ලකුණු 18 වන ඕවරයේ තෙවන පන්දුවේදී වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 37 ක් එක් කළ අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබා නොදැවි සිටියා.නායක දිනේෂ් චන්දිමාල් ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු ප්‍රමාණය 25 ක් වූවා.ටිකලෝ සිය පළපුරුද්ද ප්‍රයෝජනයට ගනිමින් කෙන්යාව වෙනුවෙන් ලකුණු 24 ට කඩුලු දෙකක් ලබා ගත්තද එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ්‍ය වළකන්නට ප්‍රමාණවත් වූයේ නැහැ.
www.supirikrida.com

No comments: