Oct 27, 2013

ආසියානු ජර්මන් හුවමාරුව යටතේ යාපනේ ‍මේස පන්දු තරග

සියානු සහ ජර්මන් හුවමාරු වැඩ පිළිවෙල යටතේ යපනයේ පැවත්වෙන මේස පන්දු තරගාවලිය සදහා අයදුම්පත් කැදවීම මේ දිනවල සිදු වෙමින් පවතියි.දෙසැම්බර් 21,22 සහ 23 යන තෙදින තුළ යාපනය සහ වව්නියා මේස පන්දු සංගම් වල මූලිකත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී සංවිධනය වන මෙම තරගාවලිය ආශ්‍රිත තරග කාල සටහන සැකසීම දෙසම්බර් 14 දා පස්වරු 4.00 ට යාපනය මධ්‍ය මහා විදුහල් ශාලාවේදී පැවත්වීමට නියමිතය.චන්දන පෙරේරා, සංවිධායක කමිටු සභාපති,51/35,රුක්මලේ,පන්නිපිටිය යන ලිපිනයට අදාළ අයදුම්පත් නොවැම්බර් 2 දාට පෙර ලැබෙන සේ යොමු කළ යුතු අතර තරගාවලිය සදහා අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ සහ 21 න් පහළ ලෙස තරග පැවත්වෙන අතර විවෘත කාන්තා සහ පිරිමි ලෙසද අවුරුදු 40 න් ඉහළ පිරිමි කාන්තා ලෙස සහ අවුරුදු 35 න් ඉහළ පිරිමි සහ 40 න් ඉහළ කාන්තා ලෙස ද තරග ඇතුළත් කර ඇත.
දැනට මෙම ආසියානු ජර්මන් ක්‍රීඩා හුවමාරු වැඩ සටහනේ සභාපතිත්වය දරන්නේ නාත්තන්ඩිය,මාරවිල පාරේ පදිංචිව සිටින ඩෙට්මාර් ඩොරින්ය.
www.supirikrida.com 

No comments: