මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර ගත්තේ ඉන්දියාවට එරෙහිවයි.ලකුණු 138 ක දැවැන්ත ජයක් වූ එම ජය ද එංගලන්තය පළමු වරට පරාජය කළ අයුරෙන්ම ඉන්දියාව පළමු වරට පරාජය කිරීමක් වෙනවා.ඒ නිසා මේ වන විට ලෝක කුසලාන තරගාවලියක පළමු වරට සුපිරි හය වටයට ද පිවිසීමට හැකි වී තිබෙන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ වැඩිම කතා බහට ලක් වූ පිල ලෙස තරගාවලියේ ජයග්‍රහණයට ඔට්ටු වන කළු අශ්වයා බවට පත් වී තිබෙනවා.
ආසියාතික මට්ටමෙන් ගත් විට අංක එකට මෙන්ම ලොව අංක තුනට සිටින ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මේ නිසා සිය මව් රටේදීම සුපිරි හය වටය අහිමි වීමත් ශ්‍රී ලංකාවේ දස්කම් නිසා සිදු වී තිබෙන අතර එසේම ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්ත කණ්ඩායම දැනට ලොව අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද වෙනවා.මේ අනුව සළකා බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කර සිතිය යුතු නැති අතර ඔවුන් මෙම තරගාවලියේ සූරතාවය සදහා අභියෝග කළහැකි කණ්ඩායමක් බවට හදුනා ගෙන තිබෙනවා.
සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට හමුවන ඕසට්‍රේලියාව දැනට අංක දෙකට ජගත් ශ්‍රේණිගත කිරීම් වල සිටින කණ්ඩායම වන අතර,නවසීලන්තය අංක හතරට සිටිනවා.ශ්‍රී ලංකාවට හමු වන දකුණු අප්‍රිකානු කණ්ඩායම පුහුණු තරග වටය තුළ ශ්‍රී ලංකාවට පරාජය වී තිබෙන අතර ශ්‍රේණිගත කිරීම් වලදී ද ශ්‍රී ලංකාවට පසු පසින් රැදී සිටිනවා.ඒ අනුව ගත් කළ අංක එකේ කණ්ඩායම පරාජය කිරීමේ හැකියාවක් පෙන් වූ ශ්‍රී ලංකාවට අංක දෙකේ කණ්ඩායම සහ අංක එක සහ තුන කණ්ඩායම් පරාජය කළ බැවින් අංක හතරට සිටින නවසීලන්තයට හොද මානසික විශ්වාසයකින් මුහුණ දීමට හැකියාවක් තිබෙනවා.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් දක්වන වෘත්තීය මට්ටම මෙහිදී වඩාත් අවධානයෙන් සැළකිල්ලට ගත යුතු වනවා.ඉණිම ගොඩ නැගීමේ පළමු පියවර පැවරෙන යශෝධා මෙණ්ඩිස් මෙන්ම චමරි අතපත්තු එංගලන්තයට එරෙහිව දියත් කළ ඉණිම නැවත ක්‍රියාත්මක කිරීමේ විශ්වසනීයත්වය ගොඩ නගා ගන්නේනම් ශ්‍රී ලංකා වේ මැද පෙළ ශක්තිමත් කරන දැනට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රහාරාත්මකම පිතිකාරිණියක් බවට සියල්ලගේ අවධානය නො'අඩුව දිනා සිටින කෞශල්‍යයා ලොකුසූරිය වැනි ක්‍රීඩිකාවන්ට ප්‍රතිවාදිනියන් මට්ටු කිරීමේ හැකියාව ලැබෙනවා.නමුත් ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණිය තවමත් නිවැරදිව පෙළ ගස්වා නැති බව පැහැදිළියි.එය දක්ෂතා නිවැරදිව වටහා ගනිමින් තිබෙන බවක් දැකීම තව දුරටත් පෙනෙන්නට තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
ඉන්දියාවට එරෙහිව තාක්ෂනයෙන් පිරිපුන් ඉණිමක් දියත් කළ දීපිකා රසාංගිකා,එංගලන්ත තරගයේදී අංක නවයට පිටියට පිවිසි ක්‍රීඩිකාවයි.දැන්වත් ඇය අංක තුන ස්ථානයේ පිහිටුවා තැබිය යුතුයි.එසේම අවසාන පන්දුව වන විට එංගලන්තය හා සම මට්ටමට පත්ව සිටි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිණිස වන දැවැන්ත හයේ පහර එල්ල කළ ඩිලානි මනෝදරා ද පෙර අංකයක පන්දුවට පහර දීමට කැදවීම සුදුසුයි.ඇය පීඩනය යටතේ ප්‍රති පීඩනය ඇති කළ හැකි අන්දමේ ක්‍රීඩිකාවක් ලෙස තේරුම් ගැනීමට අවසාන පන්දුවට එල්ල කළ එම හයේ පහරම ප්‍රමාණවත් වනවා.
ඒ නිසා සුපිරි හය වටයේදී කණ්ඩායමේ ස්ථාවරය සළකා අවසාන පන්දු ඕවර් කිහිපයේදී ලකුණු වේගය වැඩි කළ හැකි පිතිකාරිණියන් ගැන සිතනු විනා,ශ්‍රී ලංකාවේ පිතිකාරිණියන්ගේ පෙළ ගැස්ම සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගෙන යාම වැදගත් වනවා.දැනටමත් ලෝක කුසලාන තරග ඉතිහාසය හා බැදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව හා සබැදි ඉතිහාසය වෙනස් කිරීමකට බදුන් කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුභ පතන අතරේම ලැබූ ජයග්‍රහණ වලින් පමණට වඩා උදම් වීම නවතා සෑම තරගයකටම ජයග්‍රහණය සදහා විශාල උත්සාහයක් දැරිය යුතුය යන හැගීමෙන් ජයග්‍රහණය පතා ක්‍රීඩා කිරීම වැදගත් වනවා.
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් හිමි වූ ඉන්දියාවට එරෙහි තරගයේ ලකුණු සබදතාවයට පහත සබදතාවයෙන් පිවිසීමට හැකි අතර සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව 8 වන දා සිය ප්‍රථම තරගයට මුහුණ දෙනවා.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/match/594901.html
www.supirikrida.com

No comments:
Post a Comment